සුපිරි බොලිවුඩ් නිළි ජැකලීන් ෆර්නැන්ඩස් විසින් මුම්බායි නුවර දී අවහන්හලක් විවෘත කිරීමට කටයුතු කර ඇති බව 'හින්දුස්ථාන් ටයිම්ස් පුවත් සේවය' සඳහන් කරයි.
ඇය මීට වසර 02කට පමණ පෙර මෙරට ප්‍රමුඛ පෙළේ සූපවේදියකු වන දර්ශන් මුනිදාස මහතා සමඟ එක් වී 'කෑම සූත්‍ර' නමින් අවහන්හලක් කොළඹ දී ආරම්භ කළ අතර ඊට මහතා ජනප්‍රියක් ලැබුණි.
වාර්තා වන අන්දමට ඉන්දියාවේ ආරම්භ කරන අවහන්හල මෙම 'කෑම සූත්‍ර' අවහන් ජාලයේම දිගුවකි.
හින්දුස්ථාන් ටයිම්ස් පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ජැකලීන් සිය රංගන වෘත්තිය සඳහා වැඩි කාලයක් මුම්බායි නුවර ගත කරන නිසා සිය අවහන්හල් ව්‍යාපාරය මුම්බායි දක්වා ව්‍යාප්ත කිරීමට ඇය විසින් කටයුතු කරනු ලබන බවයි.
No comments:
Post a Comment