රජයේ තොරතුරු දෙන්න ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 24, 2016

රජයේ තොරතුරු දෙන්න ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයක්

රජයේ තොරතුරු දෙන්න ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයක්

රජයේ නිල තොරතුරු ලබා දෙමින් සහ තොරතුරු සම්බන්ධීකරණය කරමින් රාජ්‍ය නිල තොරතුරු ප්‍රකාශක ලෙස කටයුතු කිරීම සඳහා ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමට රජය තීරණය කර තිබේ.

රාජ්‍ය යන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමේදී අංග සම්පූර්ණ, විශ්වසනීය හා නිවැරදි නිල තොරතුරු මහජනතාව වෙත නිසි වේලාවට ලබා දීම රජයේ ප්‍රමුඛ වගකීමක් වන අතර, මෑතකදී සම්මත කරන ලද තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ විධිවිධාන අනුව ද එය වඩාත් තහවුරු කරනු ලැබ තිබේ. 

එහි තවත් එක් පියවරක් ලෙස යහපාලන මූලධර්ම වඩාත් හොඳින් ක්‍රියාවට නැංවීමේ අරමුණින්, ප්‍රතිපත්ති සම්පාදනය සඳහා මහජන අදහස් ලබාගනිමින්, විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යන් වෙත රජයේ නිල තොරතුරු ලබා දෙමින් සහ තොරතුරු සම්බන්ධීකරණය කරමින් රාජ්‍ය නිල තොරතුරු ප්‍රකාශක ලෙස කටයුතු කරනු ලබන 'ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයක්' ස්ථාපිත කිරීම පිණිස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad