'සංවිධායකවරු ඉවත් කිරීම හෙළාදකිනවා' - ජී. එල් පීරිස් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 24, 2016

'සංවිධායකවරු ඉවත් කිරීම හෙළාදකිනවා' - ජී. එල් පීරිස්

'සංවිධායකවරු ඉවත් කිරීම හෙළාදකිනවා' - ජී. එල් පීරිස්

එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරු ඉවත් කිරීම හෙළාදකින බව හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල් පීරිස් මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (24) ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹදී කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා කියාසිටියේ මේ හේතුවෙන් ශ්‍රීලනිපය දියකර හැරීමේ චේතනාන්විත සැලැස්මක් ක්‍රියාත්මක වන්නේදැයි සැකයක්‍ මතුවන බවයි.

එසේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් නොකරන බව කොතරම් පැවසුවත් එය සිදුවෙමින් ඇති බවත් පළාත් පාලන මැතිවරණය ගැන පුහු තර්ක ඉදිරිපත් කරමින් එය කල්දමා ඇති බවත් පළාත් පාලන ආයතන විසුරුවා මෙතරම් කාලයක් පවත්වාගෙන යන ලොව එකම රට ශ්‍රී ලංකාව බවත් ඒ මහතා කියාසිටියේය.

එම මාධ්‍ය හමුවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේ සන්ධානයට මහ මැතිවරණයේදී මන්ත්‍රී ආසන 96ක් ලැබුණේ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට නොවන බවයි.

ජාතික ආණ්ඩුවක් පිහිටුවනවා යැයි පවසා මැතිවරණයට ඉදිරිපත්වුණේ නම් මෙතරම් ආසන සංඛ්‍යාවක් නොලැබෙන බවද කියා සිටි ඒ මහතා වත්මන් පාලනය යටතේ ශ්‍රීලනිපය දැඩි අර්බුදයක සිටින බව ද පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad