මෛතී‍්‍ර නෙමෙයි මොකා ගාව වැඩ කලත් මට වැඩක් නෑ…. ධම්මික,සිරිසේනට ඇඩෙන්න දෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 24, 2016

මෛතී‍්‍ර නෙමෙයි මොකා ගාව වැඩ කලත් මට වැඩක් නෑ…. ධම්මික,සිරිසේනට ඇඩෙන්න දෙයි

“මෛතී‍්‍ර නෙවෙයි මොකා ගාව වැඩකලත්, මට කමක් නෑ. මටයි, මල්ලිටයි, විරුද්ධ වුනොත් ආයේ වරායේ බත් කන්න දෙන්නෙ නෑ ” යැයි වරාය සභාපති ධම්මික රණතුංග මහතා වරාය සේවකයෙකුට තර්ජනය කර තිබේ.

ඊයේ (22) උදෑසන වරායේ හර්තාල් පාලම අසල පිහිටි රිපීටි ෂොප් නැමැති අංශයට සභාපතිවරයා පැමිණෙන විට වරාය ඇමතිට හා සභාපතිවරයාට එරෙහිව පසුගිය කාලයේ උද්ඝෝෂණ මෙහෙයවමින් ගොඩනැගිල්ලක වහලයට නැගුන පිලිය්නදල නැමැති වෘත්තීය සමිති නියෝජිතයෙකු එහි සිටිනු දුටු සභාපතිවරයා ඔහුට අමු තිත්ත කුණුහරපෙන් බැන වැදී ඇත. අදාල සේවකයාට දුරකථන ඇමතුම් ලබා ගැනීමට ඉඩ දුන්නේ කවුදැයි සභාපතිවරයා එම අවස්ථාවේ එහි සේවයේ නියුතුව සිටි වරාය සේවකයාටද කුණුහරපයෙන් බැණ වැදී ඇත. එවිට අදාල සේවකයා පවසා ඇත්තේ තමන් පසුගිය කාලයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ සේවය කල අයෙකු බවයි.

තමුසේ මෛතී‍්‍ර ගාව නෙමෙයි මොකා ලග වැඩකලත් වැඩක් නෑ. මටයි මල්ලිටයි විරුද්ධ වෙන එවුන්ට උදව් කලොත් ඕන එකෙක් මම එලවනවා. දැනගනින් යැයි කියමින් එම ස්ථානයේ යකා නැටූ වරාය සභාපතිවරයා පිටව ගොස් ඇත. මේ වන විට වරාය සභාපතිවරයාගේ නියමයෙන් අදාල සේවකයන් දෙදෙනාට එරෙහිව විමර්ශන ආරම්භවී ඇතැයිද වරාය ආරංචි මාර්ග කියයි.



උපුටා ගැනීම : Lanka News Web Today

No comments:

Post a Comment

Post Bottom Ad