බම්බලපිටියේ කෝටිපති සුලෙයිමාන්ගේ ඝාතනය - Update - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 25, 2016

බම්බලපිටියේ කෝටිපති සුලෙයිමාන්ගේ ඝාතනය - Update


සුලෙයිමාන් ඝාතන සැක 5 දෙනෙකු හඳුනාගැනේ

රටින් පිටවීම වළක්වන නියෝග

පැහැරගැනීමට ලක්ව ඝාතනයවූ බම්බලපිටිය මොහොමඞ් ශකිබ් සුලෙයිමාන්ගේ (29) ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය පුද්ගලයින්  පස් දෙනකු සම්බන්ධයෙන් සැකකරන අතර ඔවුන් මේ වන විට උන් හිටි තැන් වලින් අතුරුදන්ව සිටින බව වාර්තාවේ.
මේ නිසා ඔවුන්
රටින් පැනයනු ඇතැයි පොලිසියට සැකයක් මතුවී ඇත.

ඔවුන් රටින් පිටවීම වැළැක්වීම සඳහා කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් නිශාන්ත පීරිස් මහතා වෙත පොලිසිය නම් ඉදිරිපත් කරන ලද අතර මින් මද වේලාවකට පෙර ආගමන විගමන පාලකට හා පොලිස් බුද්ධි අංශ අධ්‍යක්ෂකට ඔවුන් රටින් පිටවීම වළක්වන ලෙස ඔහු නියෝග කළේය.
කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය දන්වා සිටියේ පුද්ගලයන් පස් දෙනකු මේ සිද්ධීයේ වැදගත් තොරතුරු දන්නා බවට පොලිසියට විස්තර ලැබී ඇති බවකි.
එම තොරතුරු තවමත් පොලිසිය රහස් වශයෙන් තබාගෙන ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad