බම්බලපිටිය මොහොමඩ් ශකිබ් සුලෙයිමාන් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍ය වන පුද්ගලයින් 05දෙනෙකුට විදෙස්ගතවීම තහනම් කරමින් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා මීට සුළු මොහොතකට පෙර ආගමන විගමන පාලකවරයාට හා පොලිස් බුද්ධි අංශ අධ්‍යක්ෂකවරයාට එම තහනම් නියෝගය නිකුත් කළේය.
ඒ, කොළඹ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකට අනුවයි.
එහිදී ප්‍රකාශ කෙරුණේ පුද්ගලයන් 05 දෙනකු මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු දන්නා බවට පොලීසියට තොරතුරු ලැබී ඇති බවයි.
එම පුද්ගලයින් කව්රුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.
එමෙන්ම ඔවුන් රටින් පිටවීමට තැත් කළහොත් අත්අඩංගුවට ගන්නා ලෙස ද මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයේ සඳහන් වේ.
No comments:
Post a Comment