'සංශෝධන පනත් කෙටුම්පතක් ගෙන ආ හැකියි' - අගමැති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 25, 2016

'සංශෝධන පනත් කෙටුම්පතක් ගෙන ආ හැකියි' - අගමැති

'සංශෝධන පනත් කෙටුම්පතක් ගෙන ආ හැකියි' - අගමැති

පාර්ලිමේන්තුවේදි සම්මත කෙරුණු අතුරුදන්වූවන් පිළිබඳ සොයා බලන කාර්යාලය සම්බන්ධ පනතට යළි සංශෝධන ගෙන එ්මට සූදානම් බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් අද (25) පාර්ලිමේන්තුවේදී ඒ පිළිබඳ ප්‍රශ්න නැඟූ අවස්ථාවේ අගමැතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

අතුරුදන්වූවන් ගැන සොයාබැලීම සඳහා වන කාර්යාලය ස්ථාපිත කිරීමට ගෙනා පනතට ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කළ සංශෝධන ඇතුළත් කර නැති බවට මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න නැඟීය.

එහිදී ඔහු පෙන්වාදුන්නේ අදාළ සංශෝධන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සභා නායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එකඟතාවය පළ කළ නමුත් මේ දක්වා ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බවයි.

මෙහිදී අගමැතිවරයා කියාසිටියේ ජවිපෙ සංශෝධන ද ඇතුළත් පනත් කෙටුම්පතක් ගෙන ඒමට හැකි බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad