ලබන පාසල් වාරය අරඹන්න පෙර ඩෙංගු ශ‍්‍රමදානයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 25, 2016

ලබන පාසල් වාරය අරඹන්න පෙර ඩෙංගු ශ‍්‍රමදානයක්



බස්නාහිර පළාතේ සියළුම පාසල් ආවරණය වන පරිදි
තෙදින
ඩෙංගු මදුරු මර්දන වැඩසටහනක් ක‍්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.
දිනෙන් දින වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළයාම හේතුවෙන්  නව පාසල් වාරය ආරම්භ කිරීමට ප‍්‍රථම මෙම මදුරු මර්දන වැඩසටහන ක‍්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව අමාත්‍යංශය සඳහන් කළේය.
ඒ අනුව හෙට සිට ලබන 29 වන දින දක්වා කොළඹ , ගම්පහ සහ කළුතර යන දිස්ත‍්‍රික්කවල සියළුම පාසල් ආවරණය වන පරිදි විශේෂ තෙදින ඩෙංගු මදුරු මර්දන වැඩසටහන ක‍්‍රියාත්මක කිරීමට නියමිතය.
මාසයක පමණ කාලයක් පාසල් වසා තැබීම හේතුවෙන් ඩෙංගු මදුරු කීටයන් බෝවිය හැකි බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පෙන්වා දී ඇති අතර මෙම වැඩසටහනේදී පාසල් දැඩි පරීක්ෂාවට ලක් කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.
මෙම මදුරු මර්දන වැඩසටහන සඳහා ත‍්‍රිවිධ හමුදා සාමාජිකයින්, පොලීසිය සහ සෞඛ්‍ය අංශ නියෝජිතයින්ගෙන් සැදුම් ලත් කණ්ඩායම් 540ක් යොදවා ඇති බව අමාත්‍යංශය පැවසුවේය.

No comments:

Post a Comment

Post Bottom Ad