උතුරේ කඳවුරකින් හමුදාව ඉවත් වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 25, 2016

උතුරේ කඳවුරකින් හමුදාව ඉවත් වෙයි

උතුරේ කඳවුරකින් හමුදාව ඉවත් වෙයි

වව්නියාව, කුඩිඉරිප්පු ප්‍රදේශයේ ස්ථාපිත කර තිබූ වව්නියාව ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් යුද හමුදා කඳවුරකින් හමුදාව ඉවත් වී තිබේ.

ඒ අනුව එම කඳවුර පවත්වාගෙන ගිය ගොඩනැගිල්ල යළි වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත භාරදීමට යුධ හමුදාව පියවර ගත් බව වව්නියාව දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.‍

වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලට අයත්ව තිබූ අදාළ ගොඩනැගිල්ල මීට වසර 26කට පෙර හමුදා කඳවුරක් පවත්වාගෙන යාම සඳහා ආරක්ෂක අංශ වෙත භාර දී තිබූ බව දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේය.

අදාළ ගොඩනැගිල්ල යළි ලබාදෙන ලෙස අවස්ථා ගණනාවකදී ඉල්ලීම් සිදුකර තිබු බව ද වව්නියාව දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා ප්‍රකාශ කළේ අදාළ ගොඩනැගිල්ල ආරක්ෂක අංශ විසින් ස්ථානීය මුර රාජකාරී සඳහා යොදාගත් ස්ථානයක් බවයි.

පසුගිය දින කිහිපයේම යුධ සමයේ ආරක්ෂක අංශ රැඳී සිටි කඳවුරු කිහිපයක්ම ඒවායේ මුල් අයිතිකරුවන් වන යාපනය වැසියන්ට ලබාදී තිබිණ.

No comments:

Post a Comment

Post Bottom Ad