සජිත් හා නවීන් ගිය යානයට අනතුරක් වී එළවලු කොටුවකට හදිසියේ ගොඩ බස්වයි (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 25, 2016

සජිත් හා නවීන් ගිය යානයට අනතුරක් වී එළවලු කොටුවකට හදිසියේ ගොඩ බස්වයි (PHOTOS)

සජිත් හා නවීන් ගිය යානයට අනතුරක් වී එළවලු කොටුවකට හදිසියේ ගොඩ බස්වයි (PHOTOS)

අද (25) පෙරවරුවේ අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු රැගත් පෞද්ගලික හෙලිකොප්ටර් යානයක් නුවරඑළිය - සීතාඑළිය කටුමාන්න ප්‍රදේශයට හදිසියේ ගොඩබස්වා තිබේ.

මෙලෙස ගමන් කර ඇත්තේ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක මහතායි.

මොවුන් මෙම හෙලිකොප්ටර් යානයෙන් කොළඹ සිට නුවරඑළිය දක්වා ගමන් කර ඇත්තේ නුවරඑළිය - සිනෙසිටා ශ්‍රවණාගාරයේ සංවිධාන කර තිබූ උත්සවයකට සහභාගිවීම සඳහායි.

යානය ගොඩබැස්සවීමට නියමිතව තිබී අැත්තේ නුවරඑළිය තුරඟ තරඟ පිටියටයි.

පැවති අධික මීදුම් තත්ත්වය නිසා නියමුවා යානය ඉතාමත් පහළින් ගමන් කර ඇති අතර එහිදී ඔහු අධි බලැති විදුලි රැහැන් පද්ධතියක් හෙලිකොප්ටර් යානය ආසන්නයේ පවතින බවට දැක සැනින් ක්‍රියාත්මක වී යානය කටුමාන්න ප්‍රදේශයේ වගා බිමකට ගොඩබස්සවා තිබේ.

ඡායාරූප පහතින්.

හැටන් - රංජිත් රාජපක්ෂ 

No comments:

Post a Comment

Post Bottom Ad