පේරාදෙණිය සරසවියේ සිසුන් 10කට පන්ති තහනමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 25, 2016

පේරාදෙණිය සරසවියේ සිසුන් 10කට පන්ති තහනමක්

පේරාදෙණිය සරසවියේ සිසුන් 10කට පන්ති තහනමක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය පීඨයේ දෙවන වසරේ සිසු පිරිසකට පහරදී තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පීඨයේ සිසුන් 10 දෙනෙකුට පන්ති තහනමක් පනවා තිබේ.

ඒ අනුව ඔවුන් 10 දෙනාට සති දෙකක කාලයක් සඳහා තාවකාලිකව පන්ති තහනම් කිරීමට එම විශ්වවිද්‍යාලයේ පීඨාධිපතිවරයා පියවර ගෙන ඇත.

පසුගිය 22වනදා රාත්‍රියේ එම විශ්වවිද්‍යාලයේ මාක්ස් ප්‍රනානාදු ශාලාව අාසන්නයේදී මෙම පහරදීම සිදුව ඇති අතර ඉන් තුවාල ලැබූ සිසුන් 05දෙනෙකු ප්‍රතිකාර සඳහා පේරාදෙණිය රෝහලට ඇතුළත් කෙරුණි.

දෙවන වසරේ සිසුන් විසින් සංවිධානය කර තිබූ රැස්වීමකට පළමු වසරේ සිසුන් සහභාගී නොවූ බව කියන සිද්ධියක් මුල් කරගනිමින් මෙම ගැටුම ඇති වී තිබේ.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන පේරාදෙණිය පොලීසිය විසින් ද සිදුකරයි.

මහනුවර - කමල් සුරවීර

No comments:

Post a Comment

Post Bottom Ad