ඩිඩා FCIDයට කප්පම් දෙයි,ඇමතිකෙනෙකුත් කප්පම් අරන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 23, 2016

ඩිඩා FCIDයට කප්පම් දෙයි,ඇමතිකෙනෙකුත් කප්පම් අරන්

කැබිනට් අනුමැතියෙන් තොරව ලක් සතොස ඉන්දියාවේ සිට සහල් මෙට්‍රික් ටොන් දෙලක්ෂයකට අධික ප්‍රමාණයක් ගෙන්වා රුපියල් කෝටි පන්සීයකට අධික මුදලක් අවභාවිත කළැයි හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එල්ල වි ඇති චොදනාවේ තවත් ප්‍රධාන සැකකරුවෙකු වන මජර මාෆියාකරු වන මොහොමඩ් රිස්වි ඉල්ලියාස් (Rizley Illayas)නොහොත් ඩිඩා මුල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාසය හෙවත් FCIDයට කැදවිම නතර කර ගැනිම සදහා සහ අදාළ පරික්ෂණ යට ගැසිම සදහා කප්පම් මුදල් ලබා දෙමින් සිටින බව අප විශේෂ වාර්තාකරු අනාවරනය කළා.

පසුගිය දිනක මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ප්‍රධාණියෙකු කොළඹ සුපිරී හෝටලයකට කැදවාගෙන ආ ඩිඩා රුපියල් මිලියනයක මුදලක් ලබාදි ඇති අතර එදිනම කොළඹවෙනත් හෝටලයකට ගිය ඩිඩා වත්මන් ආණ්ඩුවේ මෛත්‍රී පිළ නියෝජනය කරන ප්‍රබල අමාත්‍යවරයෙකු හමුවි ඔහුටද කප්පම් මුදල් ලබාදි තිබේන අතර අදාළ කප්පම් ලබාදෙන අවස්ථාවේ ඩිඩා විසින්ම එවා රහසිගතව පටිගත කර ගැනිමටද කටයුතු කර තිබේන අතර පසුව ඩිඩා එවා තමන්ගේ මාෆියා ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුට පෙන්වමින් සමච්චලයට ලක් කර තිබේන බවද වාර්තා වේ.
මහපොළ ලොතරැයිය විනාශ කිරිමට මුල්‍ය වංචාකල ඩිඩාගෙන් යලිත් මහපොළ ලොතරැයිය ආරම්භ කිරිම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද උපදෙස් පතා තිබේන බව අප මිට පෙර අනාවරණය කළා.

2011 වසරේදී මහපොළ ලොතරැයිය ක්‍රියාත්මක කිරිමේ බලය මලයාසියා ජාතික දතෝ ටියෝන් ටින් සින්ග් නැමැත්තාට හිමි Oceanic Games (Pvt) Ltd සමාගමට පැවරිමේදී බරපතල මුල්‍ය අක්‍රමිකතාවක් සිදුවි ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය, එම ගනුදෙනුවට මොහොමඩ් ඉල්ලියාස් නමැති ව්‍යාපාරිකයකු ද සම්බන්ධ බවට අනාවරණය කල අතර අදාළ පරික්ෂණ කටයුතු ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයාගේ බලපෑම මත මුලුමනින්ම ඇනහිට තිබේ.

ෆයිසර්ගේ සාදයට මෛත්‍රී එයි ,රනිල් නෑ…මහපොළ ලොතරැයිය කෑ ඩිඩා සමග මෛත්‍රී ඩිල් ගහයි



උපුටා ගැනීම : Lanka News Web Today

No comments:

Post a Comment

Post Bottom Ad