ජයන්ති කුරුඋතුම්පලට සන්නාම තානාපති ධූරයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 23, 2016

ජයන්ති කුරුඋතුම්පලට සන්නාම තානාපති ධූරයක්

ජයන්ති කුරුඋතුම්පලට සන්නාම තානාපති ධූරයක්

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ කාන්තා අයිතීන් සුරැකීම පිළිබඳ සන්නාම තානාපතිනිය ලෙස ජයන්ති කුරුඋතුම්පල මෙනවිය පත්කිරීමට තීරණය කර ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

එම අමාත්‍යාංශය ප්‍රකාශ කළේ එවරස්ට් කන්ද තරණය කළ ප්‍රථම ශ්‍රී ලාංකික කාන්තාව ලෙස ඉතිහාසයට එක් වූ ජයන්ති කුරුඋතුම්පල මෙනවිය ඇගයීම සඳහා මෙම සන්නාම තානාපතිධූරය පිරිනමන බවයි.

මෙම වසරේ අගෝස්තු මස 19 වනදා සිට 2017 වසරේ අගෝස්තු මස 17 වනදා දක්වා කාලය සඳහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ කාන්තා අයිතීන් සුරැකීම පිළිබඳ සන්නාම තානාපති ලෙස ඇය පත්කිරීමට නියමිතය.

ලබන 24 වනදා කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය විසින් ජයන්ති කුරුඋතුම්පල මෙනවිය වෙත මෙම සන්නාම තානාපති ධූරය පිරිනැමීම සිදු කෙරෙන බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad