පෝර්ට් සිටි ව්‍යාපෘතිය ගැන ජවිපෙන් හෙළිදරව්වක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 22, 2016

පෝර්ට් සිටි ව්‍යාපෘතිය ගැන ජවිපෙන් හෙළිදරව්වක්

පෝර්ට් සිටි ව්‍යාපෘතිය ගැන ජවිපෙන් හෙළිදරව්වක්

වත්මන් ආණ්ඩුව මූල්‍ය නගරයට මුවාවී තම දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට උත්සාහ දරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරයි.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද (22) පෙරවරුවේදී කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගිවෙමිනි.

එහිදී අදහස් දැක්වූ දිසානායක මහතා කියාසිටියේ මූල්‍ය නගරයක් ඉදිකිරීමට නම් මුහුද ගොඩකිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත් මුහුද ගොඩ කිරීමෙන් වන අතුරු ප‍්‍රතිඵල රැසක් පවතින බවත්ය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය.

" පෝට් සිටි ව්‍යාපෘතිය ආරම්භ කළේ රාජපක්‍ෂ ආණ්ඩුවේ ව්‍යාපෘතියක් ලෙසයි. එවකට විපක්‍ෂ නායක වූ රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී කිව්වා, ඔවුන්ගේ පාලන බලයක් තුළදී පෝට් සිටි ව්‍යාපෘතිය වහාම නතර කරනවා කියලා. එයට හේතුවන සාධක ගණනාවක් තිබුණා. පෝට් සිටි ව්‍යාපෘතියේ නීතිමය ගැටළු ගණනාවක් තිබුණා. පරිසර ඇගයීම්වලින් පරිසරයට විශාල බලපෑමක් සිදුවන බව කියා තිබුණා. ආර්ථික වශයෙන් රටට අහිතකරයි. එ් වගේම ජාත්‍යන්තර දේශපාලනයට අහිතකරයි. මේ සාධක හේතුකොටගෙන තමයි රනිල් වික්‍රමසිංහ එම ව්‍යාපෘතිය නරත කරනවා කියලා කිව්වේ. ජනතා විමුක්ති පෙරමුණේ අපිත් මෙම ව්‍යාපෘතියෙන් සිදුවන අහිතකර බලපෑම පිළිබඳව ජනතාව දැනුවත් කළා. මෙම ව්‍යාපෘතිය නතර කළ යුතු බවට ආණ්ඩුවට බලපෑම් කළා.

පසුව පැමිණි රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව මෙම ව්‍යාපෘතිය නතර කළා. නමුත් ඔවුන් දැන් නැවත එම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා. නැවත ආරම්භ කිරීමේදී රනිල් වික්‍රමසිංහ කියා සිටියේ කලින් සැලසුම්කර තිබුණු හෝටල්, කැසිනෝ ශාලා, මෝටර් රථ ධාවන පථ ඇතුළු සැණකෙලි නගරය වෙනුවට මුල්‍ය නගරයක් ඉදිකරනවා කියලා. නමුත් මූල්‍ය නගරයක් පිළිබඳව ව්‍යාපෘති වාර්තාවේ කිසිදු සැලසුමක් නැහැ. මේ ඉදිකරන්නේ මූල්‍ය නගරයක් නම් මතුවන ගැටළුව වන්නේ මූල්‍ය නගරයක් සඳහා මුහුද ගොඩකළ යුතුද යන්නයි. මූල්‍ය නගරයක් වෙරළ ආසන්නයේ තිබිය යුතුද? සැණකෙළි නගරයක් ඉදිකරනවා නම් වෙරළ ආශ්‍රිතව ඉදි කිරීමේ යම් සාධාරණයක් තිබෙනවා. අනෙක් කරුණ වන්නේ මීට පෙර ගොඩකරන ඉඩම චීනයට පවරා දීමට නියමිතව තිබීමයි. නමුත් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව යටතේ එය ලබා දෙන්නේ 99 අවුරුදු බදු යටතේ. එසේ නම් 2115 දක්වා මෙම ඉඩම චීනයට භාවිතා කරන්න පුළුවන්. එ් වනවිට ඉඩම පවරා දෙන පුද්ගලයන්ල හෝ පවරා ගනු ලබන පුද්ගලයන් ජීවත් වෙන්නේ නැහැ. මෙම ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ යොදා ගන්නේ සැණකෙළි නගරය, වෙළඳ නගරයක් කිරීම සහ ඉඩම් අයිතිය 99 අවුරුදු බදු ලෙස වෙනස් කිරීම යන කරුණු දෙකයි. මෙයින් පෙනෙන්නේ එදා රනිල් වික්‍රමසිංහ ඇත්ත කරුණු සඟවාගෙන සිටි බවයි."

No comments:

Post a Comment

Post Bottom Ad