මෙරටට පුවක් ආශ්‍රිත වෙළඳ නිෂ්පාදන ආනයනය තහනම් කිරීමට කඩිනම් පියවර ගන්නා බවත් ඒ සඳහා ඉදිරියේදී අමාත්‍ය මණ්ඩලය වෙත කැබිනට් පත්‍රිකාවක් යොමුකරන බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (21) කොළඹ පැවති උත්සවයකට එක්වෙමිනි.
බෝ නොවන රෝග පාලනය කිරීම සඳහා දුම්කොළ මෙන්ම පුවක් භාවිතය ද නතර කළ යුතු බවද දැනටමත් මෙරටට ආනයනය කළ පුවක් අඩංගු කන්ටේනරයක් කොළඹ වරායේ නතර කර ඇති බවද අමාත්‍යවරයා එහිදී තවදුරටත් සඳහන් කළේය.
එමෙන්ම දුම්වැටි සඳහා අය කරන බදු 90% දක්වා ඉහළ නැංවීමට අදාළව ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාව හෙට (22) දිනයේදී අමාත්‍ය මණ්ඩලය තුළ සාකච්ඡා කිරීමට නියමිත බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා කියාසිටියේය.
අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ බීඩි සහ සුරුට්ටු නිෂ්පාදනය වෙනුවෙන් පනවා ඇති බද්ද ද ඉහළ නැංවීමට පියවර ගන්නා බවයි.
Monday, August 22, 2016
පුවක් ආශ්‍රිත නිෂ්පාදනවලට තහනමක්
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment