ව්‍යාජ තොරතුරු මැවීම් නවතන්න ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 24, 2016

ව්‍යාජ තොරතුරු මැවීම් නවතන්න ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයක්


වත්මන් රජය යටතේ ඇති කර තිබෙන මාධ්‍ය ලිහිල් භාවය ප‍්‍රයෝජනයට ගෙන පසුගිය කාලයේ දේශපාලනික වශයෙන් ඇතැම් අයගේ අරමුණු ඉටුකරගැනීමට ව්‍යාජ ප‍්‍රවෘත්ති මැවීම් රාශියක් සිදුව ඇති අතර එම තත්වය
මර්දනය කරනු වෙනුවට ඇත්ත වගකීම් සහගතව පෙන්වාදීමට ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයක් යනුවෙන් ආයතනයක් ස්ථාපිත කිරීමට රජය යෝජනා කර තිබේ.
මේ අනුව  අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ ඒ ගැන ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
රාජ්‍ය යන්ත‍්‍රණය ක‍්‍රියාත්මක කිරීමේදී අංග සම්පූර්ණ, විශ්වසනීය හා නිවැරදි නිල තොරතුරු මහජනතාව වෙත නිසි වේලාවට ලබා දීම අරමුණුකොට ගෙන සම්මතවූ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතට අනුකූලව මෙය පිහිටුවන බව පැවසේ.
විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යන් වෙත රජයේ නිල තොරතුරු ලබා දෙමින් සහ තොරතුරු සම්බන්ධීකරණය කරමින් රාජ්‍ය නිල තොරතුරු ප‍්‍රකාශක ලෙස මෙම ආයතනය කටයුතු කරනු ඇති අතර ව්‍යාජ ප‍්‍රවෘත්ති වෙතොත් ඒවා ගැන ප‍්‍රධාන ධාරාවේ මාධ්‍ය වලින් දැනුවත් කිරීම් සිදු කිරීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad