මියන්මාරයේ 6.8 භූ චලනයක් නිසා අවට රටවලටත් කම්පන - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 24, 2016

මියන්මාරයේ 6.8 භූ චලනයක් නිසා අවට රටවලටත් කම්පන



අද 24 දහවල් මියන්මාරයේ සිදුවූ භූ කම්පන තත්වයක් තායිලන්තය,බංග්ලාදේශය ඉන්දියාවේ බිහාර් බෙංගාලි හා ඇසෑම් ප‍්‍රදේශවලටද දැනී ඇත.

අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ මධ්‍යස්ථානයට අනුව එහි ප‍්‍රබලත්වය මැග්නිටියුඞ් ඒකක 6.8කි.
ප‍්‍රධාන පෙළේ සංචාරකයින් පැමිණෙන බැගන් නගරයේ සිදු වූ මෙම භූ කම්පනයේ හානි මෙතෙක් වාර්තා වී නොමැති අතර මුල් වාර්තාවල සඳහන් වූයේ 20 දෙනෙකු තුවාල තබා ඇති බවකි.

මේ අතර අද ඉතාලියේ සිදුවූ මැග්නිටියුඞ් ඒකක 6 ක කම්පන තත්වයක් නිසා 37 ක් මියගොස් තිබුණා.
මෙම කම්පන තත්ව වලින් ශ‍්‍රී ලාංකිකයන් කිසිවෙකුට අනතුරු සිදුව ඇති බවට තවම වාර්තා නොවේ.

No comments:

Post a Comment

Post Bottom Ad