හුසේන් බෝල්ට් තමා සමග යහන්ගතවූ බව කියන බ‍්‍රසිලියානු සිසුවියක නිසා ආන්දෝලනයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 22, 2016

හුසේන් බෝල්ට් තමා සමග යහන්ගතවූ බව කියන බ‍්‍රසිලියානු සිසුවියක නිසා ආන්දෝලනයක්


හුසේන් බෝල්ට් තමා සමග යහන්ගතවූ බව කියන
බ‍්‍රසිලියානු සිසුවියක නිසා ආන්දෝලනයක්

මෙවර ඔලිම්පික් උළෙලේ කෙටි දුර ඉසව් වීරයා බවට පත්වූ ජැමෙයිකානු ජාතික හුසේන් බෝල්ට් සම්බන්ධයෙන් බ‍්‍රසීල වෙබ් අඩවි කිහිපයක් පතුරා තිබෙන ආරංචියක් නිසා ආන්දෝලනයක් හටගෙන තිබෙනවා.
හුසේන් බෝල්ට් ඔහුගේ 30 වන උපන්දිනය ඊයේ (21) බ‍්‍රසීලයේ සිට සැමරීමෙන් අනතුරුව තමා සමග ඔහු යහන් ගතවූ බව කියමින්
ජෙඞී ඩුවාර්ටි නමැති බ‍්‍රසීලියානු ජාතික 20 හැවිරිදි පාසල් සිසුවියක අන්තර්ජාලය වෙත

ඡායාරූප කිහිපයක් මුදාහැර ඇත. ඒවායේ ඔහු ඇය බදාගෙන හා සිපගනිමින් සිටින දර්ශනද ඇතුළත්ය.
වට්ස් ඇප් සමාජ ජාලය හරහා ළැව්ගින්නක් මෙන් පැතිරුණ මෙම ඡායාරූප එරට ප‍්‍රධාන පුවත් සේවා මගින්ද දැන් ප‍්‍රචාරය කරමින් සිටී.
කෙසේ වෙතත් ඒ ගැන මාධ්‍ය හුසේන් බෝල්ට් විමසීමේදී ‘ ඕවා සාමාන්‍ය දේවල්’ යන්න පමණක් පවසා ඇත.
මේ අතර හුසේන් බොල්ට්ගේ පෙම්වතිය බව කියන 26 හැවිරිදි කැසී බෙනට් මෙම සාදය අවස්ථාවේත් ඔහු අසළ සිටිමින් රැගුම් පෑ බවත් ඔහුගේ දෙබිඩි රංගනය අශෝභන බවත් දක්වමින් ඇතැම් පුවත් සේවා මේ ගැන අදහස් පළ කර තිබේ.
පහත පළවන්නේ බොල්ට් සම්බන්ධයෙන් ආන්දෝලනය ඇති කළ ඡායාරූපයි.




No comments:

Post a Comment

Post Bottom Ad