පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටි දුර්වලම පක්ෂ සංවිධායකවරයෙක් ලෙස තම පක්ෂය හඳුනාගෙන සිටි බව ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව කියාසිටියේ ඊයේ (21) යාපනයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ධීවර සමිති සාකච්ඡාවකින් පසු මාධ්‍යවේදීන් විසින් බන්ධුල ගුණවර්ධන මහතා හෝමාගම ආසන සංවිධායක ධූරයෙන් ඉවත් වීම නිසා පක්ෂයට සිදු වන බලපෑම පිළිබඳව ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේ," එයා තමයි අපේ ඉඳපු දුර්වලම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා කියාල අපි හඳුනගෙන හිටියේ. මම හිතන්නේ අපි එතුමව ඉවත් කිරීමේ ප්‍රමාදයක් වෙලා තිබුනේ. ඒ නිසා එතුමා දැනගන්න ඇති ඉවත් කරන බව. ඒ නිසා තමයි ඉවත් වෙන්න ඇත්තේ. එතුමා කිසිම ශාඛා සමිතියක්, මධ්‍ය සංවිධානයක් හෝ පිහිටුවල නැහැ. අපේ පක්ෂය වෙනුවෙන් කිසිම වැඩක් කරල නැහැ. ගිය ජනාධිපතිවරණයෙත් එතුමා දේශපාලන කටයුතු වල යෙදුනෙ නැහැ. ඒ නිසා අපිට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. එතුමා කැමත්තෙන්ම අයින් වෙච්ච එක ගැන සතුටු වෙනවා. මේ වගේ දුර්වල කණ්ඩායම් අපි ඉවත් කරල ශක්තිමත් කණ්ඩායමක් එක්ක අපි ඉදිරියට යනවා." යනුවෙනි.
වන්නි - රොමේෂ් මධූෂංඛ
No comments:
Post a Comment