වෙරිවූ ගුවන් නියමු උපේන්ද්‍ර ගැන පරීක්ෂණ ඇරඹේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 23, 2016

වෙරිවූ ගුවන් නියමු උපේන්ද්‍ර ගැන පරීක්ෂණ ඇරඹේ





ජර්මනියේ ෆ‍්‍රෑන්ක්ෆර්ට් ගුවන්තොටුපළින් පසුගිය සිකුරාදා (19) මෙරට බලා පියාසර කිරීමට තිබූ මගී ගුවන් යානය පැය 15ක් ප‍්‍රමාද වීමට හේතුවූ බව කියන කාර්යයේ නියුතු ගුවන් නියමු ප‍්‍රධානී, කපිතාන් උපේන්ද්‍ර රණවීර මහතා සම්බන්ධයෙන් ශ‍්‍රීලන්කන් ගුවන් සේවය මගින් විශේෂ විමර්ශනයක් අරඹා තිබේ.

දැනට වැඩතහනමට ලක්ව සිටින කපිතාන්වරයා පෙරේදා (21)
ශ‍්‍රී ලංකාවට යළි පැමිණ ඇත. අදාළ සිද්ධිය පිළිබඳ විමර්ශනයෙන් අනතුරුව කපිතාන්වරයාට විශේෂ පරීක්ෂණයකට ද මුහුණදීමට සිදුවනු ඇතැයි ශ‍්‍රීලන්කන් ගුවන් සේවය සඳහන් කරයි.

මගීන් 259ක් හා කාර්ය මණ්ඩලය 14 දෙනකුගෙන් සමන්විතව යූ.එල්.554 දරන ඒ330 වර්ගයේ ගුවන් යානය එදින පස්වරු 3.20ට මෙරට බලා පැමිණීමට නියමිතව තිබියදී කපිතාන්වරයා හදිසියේ ඇදවැටීම හේතුවෙන් මෙම ප‍්‍රමාදය සිදුව ඇත. වහාම වෛද්‍ය පරීක්ෂණයකට ලක්කළ ඔහුට ඇල්කොහොල් ශරීරගතව
ඇතැයි තහවුරු විය.

මෙම ප‍්‍රමාදය හේතුවෙන් රුපියල් කෝටි 2 1/2කට අධික මුදලක් මගීන් සඳහා වන්දි මුදල් වශයෙන්ද ෆ‍්‍රැන්ක්ෆර්ට් ගුවන්තොටුපළේ පැය 15ක් ශ‍්‍රීලන්කන් ගුවන් යානය නවතා තැබීම හේතුවෙන් ඒ සඳහා වන
දඩ මුදලක් ද ගෙවීමට නියම වී ඇතැයි මෙයට පෙර වාර්තා පළවිය.

ප‍්‍රබෝධා හෙට්ටිආරච්චි (රිවිර)


No comments:

Post a Comment

Post Bottom Ad