පක්ෂ සම්මේලනය දවසේ කරන දේ ගැන මහින්ද කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 23, 2016

පක්ෂ සම්මේලනය දවසේ කරන දේ ගැන මහින්ද කියයි

පක්ෂ සම්මේලනය දවසේ කරන දේ ගැන මහින්ද කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65වන සම්මේලනයට සහභාගීවන්නේ ද නැද්ද යන්න පිළිබඳව ආසන බල මණ්ඩල සාමාජිකයින් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව තීරණයකට එළඹෙන බව ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කරයි.

ඊයේ (22) පස්වරුවේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ විශේෂ සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණයට එළඹ තිබේ.

එහිදී ඒකාබද්ධ විපක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්වී ඇත.

සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියාසිටියේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවත්සරයට සහභාගී වන්නේ ද නැද්ද යන්න පිළිබඳව ඉදිරියේ දී අවසන් තීරණයකට එළැඹෙන බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ප්‍රකාශ කළේ තමාට ජාත්‍යන්තර සම්මේලනයකට ඇරියුම් ලැබී ඇති බැවින් තමාට ඒ දිනය වන විට විදේශගතවන්නට සිදුව ඇති බවත් පක්ෂ සම්මේලනය සඳහා දින නියම කරන්නට ප්‍රථම තමන් ඒ ගමන යොදාගෙන සිටි බවත් ය.

No comments:

Post a Comment

Post Bottom Ad