මහාචාර්ය සුනිල් ආරියරත්න නිදන් හෑරිල්ලකට අහුවෙලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 23, 2016

මහාචාර්ය සුනිල් ආරියරත්න නිදන් හෑරිල්ලකට අහුවෙලා


මහාචාර්ය සුනිල් ආරියරත්න
පිළිකුත්තුව රජමහා විහාරයේ

ෆිල්ම් ෂූට් කරන්න ගිහින්
නිදන් හෑරිල්ලකට අහුවෙලා



ඓතිහාසික පිළිකුත්තුව රජමහා විහාරයේ පසුගියදා සිය නවතම චිත‍්‍රපටයේ රූගත කිරීම් සඳහා ගිය මහාචාර්ය සුනිල් ආරියරත්න ඇතුළු පිරිස එම විහාර භූමියේ ඊට ටික දිනකට පෙර සිදුවූ බවට සැක කෙරෙන නිදන් හැරීමේ සිද්ධියට පටලැවී ඇති බවට
තොරතුරු වාර්තා වෙනවා.
’පිළිකුත්තුව රජමහා විහාරයේ ගල්ලෙනක නිදන් ගන්න අඩි 8ක වළක් හාරලා‘ යනුවෙන් ප‍්‍රකට ජාතික පුවත්පතක පළවූ ලිපියක සඳහන් කර තිබී ඇත්තේ එම චිත‍්‍රපටයේ අවශ්‍යතාවයකට විහාර භූමියේ හාරන ලද වළ සහ නිදන් සොරුන් හාරන ලද වළ එකක් බවයි. ඒ නිසා නිදන් හැරීමේ සිද්ධියට මහාචාර්ය වරයා ඇතුළු පිරිස සම්බන්ධ බවටය.
මහාචාර්ය සුනිල් ආරියරත්න ඒ ගැන මෙසේ කියා ඇත.
‘ අපි පසුගිය 12 වැනිදා සිට 20 වැනිදා දක්වා රූගතකිරීම් සිදුකළා. එහෙත් ඒ සියලූ කටයුතු සිදුකළේ නීත්‍යනුකූලවයි. ඒ සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අපි අවසර ගත්තා. පිළිකුත්තුව රජමහා විහාරයේ නායක හිමියන්ද මේ සම්බන්ධ දැනුවත් කළා. ඒ අවසරය පිට තමයි අපි රූගතකිරීම් සිදුකළේ.
අපි චිත‍්‍රපටය රූගත කිරීම් සඳහා තාවකාලිකව කුඩා ගෙපැලක් නිර්මාණය කළා. ඒකට පස් ගන්න වළක් කැපුවා. ඒක අපි පිළිගන්නව. අපි ඒ වළ ඒ ගත්ත පස්වලින්ම ගොඩකළා. අද එතැන වළක් තිබුණද කියලවත් සොයාගන්න බෑ. ෆයිබර් යොදාගෙන කළුගලක් සහ ගල් පඩිපෙළක් නිර්මාණය කළා. අපි ෆයිබර්වලින් නිර්මාණය කළ සියලූම නිර්මාණත් ගෙපැලත් තිබූ තැනක් නොපෙනෙන ලෙසට ඉවත් කළා.
පුවත්පතේ මුල් පිටුවේ පළ කරල තිබුණු පුවත ගැන පිළිකුත්තුව රජමහා විහාරයේ නාහිමියන් මට දුරකතනයෙන් කතා කරල කීවා. ඒ සිද්ධිය ඇහුවහම මම පුදුම වුණා.
මගේ නවතම චිත‍්‍රපටය සඳහා පසුගිය දින කීපයේදී අපි මේ පූජා භූමියේ රූගත කිරීම් සිදුකළා. ඒක ඇත්ත. එහෙත් මේ නිදන් හෑරිල්ලට නම් අපි සම්බන්ධ නෑ. මේ පුවත්පතේ සඳහන් පුවත බැලූවහම ඒ වගේ හැඟීමක් දෙනවා. අපේ අය කිසිවෙක් මේ සිද්ධියට සම්බන්ධ නෑ. අපේ අයත් මේ සිද්ධිය දැකල තිබුණා. එතැන ෆොටෝත් අරගත්ත. ඒ සිද්ධිය සිදුවෙලා ඇත්තේ මීට දින ගණනකට පෙර වෙන්න පුළුවන්.

මේ නිදන් හෑරීම ගැන පුවත්පතින් හෙළිවීමෙන් පසු ප‍්‍රදේශයේ ග‍්‍රාම සේවා නිලධාරි මහතා නිදන් හෑරීම සම්බන්ධව මල්වතුහිරිපිටිය පොලිසියට පැමිණිල්ලක්ද කර ඇත්තේ මහාචාර්ය වරයා නිදන්හෑරීමට සම්බන්ධ බව දක්වමිනි.

තොරතුරු - ජයතිලක ගන්නෝරුව


No comments:

Post a Comment

Post Bottom Ad