'සිද්ධාර්ථ ගෞතමත් ඉන්දියන්කාරයෙක්' - රනිල් (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 23, 2016

'සිද්ධාර්ථ ගෞතමත් ඉන්දියන්කාරයෙක්' - රනිල් (VIDEO)

'සිද්ධාර්ථ ගෞතමත් ඉන්දියන්කාරයෙක්' - රනිල් (VIDEO)

ලෝකයේ ප්‍රබල රටවල වෙළෙඳපළට පිවිසීම තම අරමුණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. 

අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (22) මොරටුව ප්‍රදේශයේ පැවති සාමාජික ප්‍රවර්ධන වැඩසටහනකට එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා කියාසිටියේ වත්මන් රජයට සිදුව ඇත්තේ රාජපක්ෂ රෙජීමයෙන් වූ ණය ගෙවීමට බවත් චීනය, යුරෝපය සහ ඉන්දියාව යන රටවල වෙළඳපොල අත්පත් කරගනිමින් රට ඉදිරියට ගෙනයාමට පියවර ගත්තද සමහරුන් එයට විරෝධය දක්වන්නේ පසුගාමී අදහස්වලින් බවත්ය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියාසිටියේ," මේවට විරුද්ධ අය ඉන්නවා. සමහරු රාජපක්ෂ රෙජීමයට කඩේ ගිහින් දැන් මේවා නවත්තන්න හදනවා. ඉන්දියාව එක්ක වෙළඳ ගිවිසුම් ගහන්න එපා කියනවා. ඉන්දියාව අපි ඔක්කෝම පන්නලා දාමු කියනවා. මගේ හිතේ ලොකු සතුටක් තියෙනවා අවුරුදු 2500කට ඉස්සර මේ මිනිස්සු හිටියෙ නෑ කියලා. තපස්සු බල්ලුක එනකොට මොකක්ද කියන්නේ මේ ඉන්දියවේ අය. පන්නලා දාන්න. මේ මොනවද ගේන්නේ. සිද්ධාර්ථ ගෞතමගේ කේෂ ගේන්නේ. කවුද ඔය සිද්ධාර්ථ ගෞතම, එයත් ඉන්දියන්කාරයෙක්. අපිට ඒවා වැඩක් නෑ." යනුුවෙනි.

අග්‍රමාත්‍යවරයා තවදුරටත් කියාසිටියේ 'අපිට තියෙන ගස් ගල් ටික වැන්දෝත් අපිට ඇති කියන්නේ' එවැනි පසුගාමී චින්තනයෙන් සිටින මිනිසුන් බවයි.

වීඩියෝව පහතින්.

No comments:

Post a Comment

Post Bottom Ad