ඕස්ටේ‍්‍රලියානු වෙබ් අඩවි පුවතට එරෙහිව ජනපතිගෙන් නීතිපතිට උපදෙස් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, August 26, 2016

ඕස්ටේ‍්‍රලියානු වෙබ් අඩවි පුවතට එරෙහිව ජනපතිගෙන් නීතිපතිට උපදෙස්




ඔස්ටෙ‍්‍රලියානු වෙබ් අඩවියක
පළවු ප‍්‍රවෘත්තියක් සම්බන්ධයෙන්
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ඊයේ කරුණු පැහැදිලි කිරීමක් සිදුකර ඇත. සිඞ්නි මෝනින් හෙරල්ඞ් වෙබ් අඩවියේ දක්වා ඇත්තේ මෛත‍්‍රීපාල සිරිසේන මහතා කෘෂිකර්ම හා ගොවිජන සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ ඔහුගේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු විසින් ඔස්ටෙ‍්‍රලියානු සමාගමකින් අල්ලස් මුදලක් ලබාගත් බවකි.

තම දේශපාලන ජීවිතයේදී කිසි දිනෙක දූෂණ අක‍්‍රමිකතාවක් සඳහා මැදිහත් වීමක්, අනුබල දීමක් හෝ සම්බන්ධවීමක් සිදු වී හෝ සිදු කර නැතැයිද අවධාරණය කරන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අදාළ ප‍්‍රවෘත්තිය සම්බන්ධයෙන් වැඩිදුර ක‍්‍රියාමාර්ග ගැනීම සඳහා නීතිපතිවරයාට උපදෙස් දී ඇති බව දන්වා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad