පන්සලේ බ්ලූ වීඩියෝ වලට පෙනී සිටි හිමි නම පොලිසියට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, August 26, 2016

පන්සලේ බ්ලූ වීඩියෝ වලට පෙනී සිටි හිමි නම පොලිසියට



ගල්නෑව ප‍්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් මත් කොට අස්වාභාවික ලිංගික ක‍්‍රියාවලියකට පොලඹවා එම දර්ශන වීඩියෝගත කර කප්පම් වශයෙන් දස ලක්ෂ විසිපන්දහසක මුදලක් ලබාගත් බව කියන පුද්ගලයන් දෙදෙනකු පෙරේදා (24දා) ගල්නෑව පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

මීට මාසයකට පමණ පෙර හිමිනම පදිංචි
විහාරස්ථානය වෙත පැමිණ ඇති පුද්ගලයන් දෙදෙනා හිමිනම මත්කොට අස්වාභාවික ලිංගික ක‍්‍රියාවලියකට පොලඹවා එය තවත් අයකුට වීඩියෝගත කිරීමට අවස්ථාව සලසා දී ඇත. පසුව එම වීඩියෝ දර්ශන ප‍්‍රසිද්ධ කරන බව පවසා ප‍්‍රථමයෙන් හිමිනමගෙන් ඔවුන් රුපියල් එක්ලක්ෂ විසිපන්දහසක මුදලක් ලබා ගෙන තිබේ. ඉන් අනතුරුව තවත් දෙවතාවකදී රුපියල් නව ලක්ෂයක් හිමි නමගෙන් ලබාගෙන ඇත.


එසේ තිබියදී ඉකුත් 23 වැනි දින යළිත් වරක් රු. හත් ලක්ෂයක මුදලක් ලබාදෙන ලෙස හිමිනමට තර්ජනය කර තිබේ.
මොවුන්ගෙන් බේරීමට නොහැකි හෙයින් හිමිනම මේ පිළිබඳ ගල්නෑව පොලිසියට පැමිණිලි කර ඇත. ගල්නෑව ප‍්‍රදේශයේම පදිංචිකරුවන් වන සැකකරුවන් ඊයේ (25දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. ගල්නෑව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

නාච්චාදුව - ව.මු. දිසානායක


No comments:

Post a Comment

Post Bottom Ad