නව පාසල් වාරයට පෙර තෙදින ඩෙංගු මෙහෙයුමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, August 26, 2016

නව පාසල් වාරයට පෙර තෙදින ඩෙංගු මෙහෙයුමක්

නව පාසල් වාරයට පෙර තෙදින ඩෙංගු මෙහෙයුමක්

දිනෙන් දින වාර්තාවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් නව පාසල් වාරය ආරම්භ කිරීමට පෙර දින 03ක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව හෙට (26) සිට ලබන 29 වනදා දක්වා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවල සියලුම පාසල් ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සෞඛ්‍ය අංශවල නියෝජිතයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායම් 540 ක් යොදවා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad