'කුරුණෑගලට ආවොත් සමාව දෙනවා' - ඉසුර දේවප්‍රිය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, August 26, 2016

'කුරුණෑගලට ආවොත් සමාව දෙනවා' - ඉසුර දේවප්‍රිය

'කුරුණෑගලට ආවොත් සමාව දෙනවා' - ඉසුර දේවප්‍රිය

ඒකාබද්ධ විපක්ෂය නි‍යෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් කුරුණෑගල රැළියට සහභාගිවුවහොත් ඔවුන්ට එරෙහිව ඇති සියලූ විනය පරීක්ෂණ අත්හිටුවා සමාව දෙන බව බස්නාහිර පළාත් මහ ඇමති ඉසුරු දේවප්‍රිය මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (25) ශ්‍රීලනිප මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

කුරුණෑගල රැළියට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පැමිණියහොත් ගන්නා පියවර කුමක්දැයි මාධ්‍යවේදියෙකු මෙහිදී විමසූ අතර එයට පිළිතුරු ලෙස අමාත්‍යවරයා පැවසුවේ ඔවුන් පැමිණියහොත් සියලූ විනය ක්‍රියාමාර්ග අත්හිටුවන බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියාසිටියේ එකම අරමුණ පක්ෂය දෙකඩවීම වළක්වා ගැනීම බවත් යූඑන්පියට සහයදීමක් කිසිසේත් සිදුනොවන බවත් ය.

No comments:

Post a Comment

Post Bottom Ad