බිත්තිය දිගේ ගිහින් පාඩම් කරන වඳුරඹ දැරිය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, August 26, 2016

බිත්තිය දිගේ ගිහින් පාඩම් කරන වඳුරඹ දැරිය

බිත්තිය දිගේ ගිහින් පාඩම් කරන වඳුරඹ දැරිය

දෙඅත් හා පාද උපයෝගී කරගනිමින් බිත්ති දිගේ ඉහළට නැඟීමට දස්කම් දක්වන දැරියක පිළිබඳව ගාල්ල වඳුරඹ ප‍්‍රදේශයෙන් වාර්තා වෙනවා. වයස අවුරුදු 8 ක් වන ඇය රගමිනි යසස්වි පොන්නම්පෙරුමයි.
කිසිදු ආධාරයක් නොමැතිව බිත්ති දිගේ ඉහළට
නඟින්නටත් පසුව බිත්ති අතර අත්දෙකින් හෝ කකුල් ආධාරයෙන් රැඳී සිටින්නටත් ඇයට හැකිය. විනාඩි දහයක් පහළොවක් ඉහළ අපහසුතාවයකින් තොරව ගත කරන්නටත් ඇයට හැකිය.
ගාල්ල වදුරඹ මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන ඇය එම විද්‍යාලයේ කරාටේ ක‍්‍රීඩාවේද යෙදී සිටින බව පැවසේ.
ඇය මෙම ක‍්‍රියාවට පෙළැඹි ඇත්තේ රූපවාහිනී වැඩසටහනක් නැරඹීමෙන් පසුය.

‘මට බිත්තිවල නඟින්න කවුරුවත් කියලා දුන්නේ නැහැ. මේක පුදුම ලෝකය කියන වැඩසටහනේ දී මම දැක්කා අත් නැති කෙනෙක් අල්ලාගෙන යනවා. මට හිතුණා කකුල් තිය තිය බිත්තිය දිගේ නඟින්න. එහෙම තමයි බිත්තිය දිගේ නැග්ගේ. උළුවහු, ජනෙල් දිගේ සහ ගස් නඟින්න මට පුළුවන්. මම කැමතිම ක‍්‍රීඩාව තමයි ජිම්නාස්ටික් ක‍්‍රීඩාව. අපේ පාසලේ ජිම්නාස්ටික් ක‍්‍රීඩාව නැහැ. ඒ නිසා මේ ක‍්‍රීඩාව තියෙන පාසලක් ලබාදෙන්න කියලා අධ්‍යාපන ඇමැති මාමාගෙන් ඉල්ලා සිටිනවා.’

ඇය කියා සිටියි.



No comments:

Post a Comment

Post Bottom Ad