රිවිර කතෘට පහරදුන් බුද්ධි අංශ නිළධාරියා යළි රිමාන්ඩ් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 29, 2016

රිවිර කතෘට පහරදුන් බුද්ධි අංශ නිළධාරියා යළි රිමාන්ඩ්

රිවිර කතෘට පහරදුන් බුද්ධි අංශ නිළධාරියා යළි රිමාන්ඩ්

රිවිර පුවත්පතේ හිටපු කතෘවරයෙකු වන උපාලි තෙන්නකොන් මහතාට 2009.09.23 දින ගම්පහ, ඉඹුල්ගොඩදී පහරදුන්නැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශයේ හිටපු මාණ්ඩලික සැරයන් ප්‍රේම් ආනන්ද උදලාගම මහතා සැප්තැම්බර් මස 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

සැකකරු අද (29) ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් කාවින්ද්‍යා නානායක්කාර මෙනෙවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇති අතර පහරදීමේ සිද්ධියට අදාළව එම අවස්ථාවේ සිදුවූ දුරකතන සංවාද පිළිබඳ වාර්තාවක් ලබා ගන්නා ලෙසට රහස් පොලීසියට උසාවියෙන් අවසර ද ලැබී ඇත.

අදාළ සැකකරු පසුගියදා පැවැති හඳුනාගැනීමේ පෙරට්ටුවකදී හඳුනාගැනීමට උපාලි තෙන්නකෝන් මහතා හා ඔහුගේ බිරිඳ සමත් විය.

No comments:

Post a Comment

Post Bottom Ad