බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නුවර පැවති ඔලිම්පික් තරගාවලියට මෙරටින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 09 දෙනකු සහභාගි වෙද්දී නිලධාරින් 46දෙනකු සහභාගි කර වු පදනම කුමක් ද යන්න පිළිබඳව කරුණු ඉදිරිපත් කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රීඩා බලධාරීන්ට නියම කර තිබේ.
ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ කටයුතු පිළිබඳව සම්පූර්ණ වාර්තාවක් ලබා දෙන ලෙස මෙහි දී අගමැතිවරයා නිලධාරින්ට නියෝග කර ඇති අතර තමන්ට ඉදිරිපත් කරන වාර්තාවේ විශේෂයෙන්ම පසුගියදා පැවති ඔලිම්පික් තරගාවලියට මෙරට නියෝජනය කරමින් සහභාගි වු අය සම්බන්ධයෙන් කරුණු සඳහන් කරන ලෙස ද දන්වා ඇත.
ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට පසුගිය කාලයේ මෙරට ඔලිම්පික් කමිටුවේ ක්‍රියාකාරකම් පිළිබඳව ලැබුණු පැමිණිලි පදනම් කර ගනිමින් මෙම නියෝගය කර තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ පසුගිය වසර 05ක ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අදාළ වාර්තාවෙන් කරුණු ඉදිරිපත් කරන ලෙස දැනුම් දී ඇත.
No comments:
Post a Comment