ඉන්දියාව සමඟ අත්සන් කිරීමට නියමිත එට්කා ගිවිසුමට අදාළ සාකච්ඡාවලින් වෘත්තිකයන් නැගිට ඉවත්ව ගිය බවට පළවූ මාධ්‍ය වාර්තා අසත්‍ය බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ආණ්ඩුව තවමත් එම වෘත්තිකයන්, ව්‍යාපාරික සංගම් සහ වෘත්තිය සමිති සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි.
එමෙන්ම ජාතික සංවර්ධන සැලැස්මෙන් ආදායම් යෝජනා ඉවත් කර ඇති බවට පළවන වාර්තා ද අසත්‍ය බව එම නිවේදනයෙහි දැක්වේ.
මෙම සියලු සාකච්ඡාවල අරමුණ වන්නේ රැකියා දශලක්ෂයක් බිහිකර ග්‍රාමීය ආර්ථිකය යළි පණගැන්වීම බවත් එම පුවත්පත් වාර්තාවන්හි අරමුණ ආණ්ඩුවෙහි ආර්ථික සංවර්ධන මූලෝපාය හිතාමතා කඩාකප්පල් කිරීම බවත් එහි සඳහන් වේ.
එම නිවේදනය වැඩිදුරටත් පහත පරිදිය.
සංවර්ධන වැඩපිළිවෙළ සඳහා ජාත්‍යන්තර කීර්තියක් සහිත උපදේශන සමාගම්වල සේවා රජය විසින් ලබා ගැනීම පිළිබඳ නිෂේධාත්මක වාර්තා පුවත්පත්වල පළ ව තිඛිණි. ඇත්ත තත්ත්වය මෙසේ ය:
යෝජිත මූල්‍ය නගරයට අදාළ නව නීති කෙටුම්පත් කිරීමට සහ පවත්නා නීති සංශෝධනයට හිටපු නීතිපති යුවන්ජන් විජේරත්න මහතාගේ සේවා ලබා ගැනීමට ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කමිටුව තීරණය කළා ය.
අයර්ලන්තයෙහි චැනල් දූපත්වල, එක්සත් රාජධානියෙහි, ඩුබායිහි සහ හොංකොංහි පවත්නා මූල්‍ය ආකෘතිවල නෛතික ඵලවිපාක ගැන ආණ්ඩුවට උපදෙස් දීම සඳහා මූල්‍ය හා වාණිජ බදු නීතිය පිළිබඳ විශේෂඥයන් වන සහ ප‍්‍රධාන පෙළේ ගෝලීය නීති සමාගමක් වන බේකර් සහ මැකන්සි සමාගමෙහි සේවා ලබා ගෙන තිබේ. එම සමාගම ඉන්දුනීසියානු බදු නීතිය සහ වෙනත් එබඳු නීති ගැන ද ආණ්ඩුවට උපදෙස් දෙනු ඇත. ඔවුන්ට වෙනත් වැඩක් පවරා නැත. මෙම කටයුත්ත බේකර් සහ මැකන්සි සමාගමෙහි හොංකොං කාර්යාලය විසින් ඉටු කරනු ඇත.
බේකර් සහ මැකින්සි සමාගමට කොළඹ කාර්යාලයක් ඇති බවත් ඔවුන් ශ‍්‍රී ලංකාවෙහි නීති කටයුතුවල යෙදෙන බවත් ඉහත මාධ්‍ය වාර්තාවල හිතාමතාම සඳහන් කර තිබිණි. එය සාවද්‍ය ය. බේකර් සහ මැකන්සි ශ‍්‍රී ලංකාවෙහි කාර්යාලයක් විවෘත කර නැති අතර ශ්‍රෙෂ්ඨාධිකරණයෙහි නීතියට අනුව ඔවුන්ට ශ‍්‍රී ලංකාවෙහි කාර්යාලයක් පිහිටුවිය නොහැකි ය.
ආණ්ඩුව විසින් පටන්ගෙන ඇති තවත් ව්‍යාපෘතියක් වන්නේ මලයාසියානු අ.මැති කාර්යාලයෙහි PEMANDU (කාර්ය සාධනය සහ කළමනාකරණ කටයුතු ඉටුකිරීමෙහි ඒකකය) පදනම් ව මධ්‍ය වැඩපිළිවෙල කළමනාකරණ ඒකකයක් පිහිටුවීම ය. මේ අරමුණ සඳහා සුප‍්‍රකට ගෝලීය කළමනාකරණ උපදේශන සමාගමක් වන මැකින්සි සහ සමා.මෙහි මලයාසියානු කාර්යාලය සමග ආණ්ඩුව ගිවිසුමකට එළඹ ඇත. යෝජිත ඒකකය පිහිටුවන කණ්ඩායමට ආධාර කරනු පිණිස PEMANDU පිළිබඳ ඍජු දැනුම සහිත මැකින්සි සමාගමෙහි මැලේසියානු කාර්යාලයට කොළඹ කාර්යාල ඉඩකඩ සපයනු ඇත. මැකින්සි නීති සමාගමක් නොවන අතර ඊට බේකර් සහ මැකෙන්සි සමාගම සමග කිසි සම්බන්ධයක් නැත.
ආර්ථික සහ තාක්ෂණවේදී සහයෝගිතා (ETCA) ගිවිසුම පිළිබඳ සාකච්ඡාවලින් වෘත්තිකයන් නැගිට ඉවත ගිය බවට පළ වූ තවත් සාවද්‍ය සහ දුෂ්ට වාර්තාවක් කෙරෙහිද අවධානය යොමු කරන්නට අපි කැමැත්තෙමු. නෛතිකව පිළිගත් සියලූ වෘත්තීකයන්ගේ සංගම්, ව්‍යාපාරික සංගම් සහ වෘත්තීය සමිති සමග ආණ්ඩුව සාකච්ඡා කරන අතර කිසිවෙකු සාකච්ඡා වර්ජනය කර නැත. සාකච්ඡාවලින් ඉවත් ව ගොස් ඇත්තේ ද නැත.
තව ද ජාතික සංවර්ධන සැලැස්මෙන් ආදායම් යෝජනා ඉවත් කර ඇති බවට පළ වූ පුවත් වාර්තා ද සාවද්‍ය ය. සාර්ව ආර්ථික ස්ථාවරකරණ වැඩපිළිවෙළ ජාතික සංවර්ධන සැලැස්මෙහි එක් කේන්ද්‍රීය අංගයකි.
ආණ්ඩුව ආර්ථික සහ වෙළෙඳ ගිවිසුම්වලට එළඹීම සඳහා ඉන්දියාවල චීනය සහ සිංගප්පූරුව ආදී රටවල් සමග සාකච්ඡා කරමින් සිටී. තව ද තනි යුරෝපීය වෙළෙඳපොළට පිවිසීම සඳහා ආණ්ඩුව GSP + සහනය ලබා ගැනීමටද සාකච්ඡා කරයි. ඉන්දුනීසියාවල මලයාසියාවල තායිලන්තය සහ තවත් රටවල් ගණනාවක් සමග නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට ලබන වසරෙහි එළඹීමට ද ආණ්ඩුව සාකච්ඡා කරමින් සිටී.
ආණ්ඩුව ජපානය සමග ද ආර්ථික සහයෝගිතා වැඩපිළිවෙලක් ගැන සාකච්ඡා කරයි. ආණ්ඩුවෙහි ප‍්‍රතිපත්තිය වන්නේ ශ‍්‍රී ලංකාව ඉන්දියන් සාගරයෙහි කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම ය. මෙම කලාපය සඳහා වන පෙරදිග ක‍්‍රියාකරනු යන ඉන්දියානු ප‍්‍රතිපත්තියෙහි සහ චීනයේ එක් පථයක් - එක් මාවතක් යෝජනාවෙහි එක්සත් ජීව ශක්තිවලින් ප‍්‍රයෝජන ගැනීමට ද අපි බලාපොරොත්තු වෙමු. මෙම ප‍්‍රයත්නයන්හි අරමුණ වන්නේ ශ‍්‍රී ලංකාවෙහි මධ්‍යම පන්තියට රැකියා දස ලක්ෂයක් බිහි කර ග‍්‍රාමීය ආර්ථිකය යළි පණ ගැන්වීම සඳහා ශ‍්‍රී ලංකා නිෂ්පාදිතවල වෙළෙඳපොළ ව්‍යාප්ත කිරීම ය.
ඉහත සඳහන් පුවත්පත් වාර්තාවන්හි අරමුණ ආණ්ඩුවෙහි ආර්ථික සංවර්ධන මූලෝපාය හිතාමතා කඩාකප්පල් කිරීම ය. ජාතික ප‍්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය මෙම නොමඟ යවනසුළු පුවත් වාර්තා, විශේෂයෙන් ම 2016 අගෝස්තු 21 වැනි දින Sunday Times පුවත්පතෙහි පළ වූ පුවත් වාර්තා ප්රතික්ෂේප කරයි.
2016 අගෝස්තු 24
No comments:
Post a Comment