නිදන් හෑරූ භික්ෂුන් 2ක් අත්අඩංගුවට (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 25, 2016

නිදන් හෑරූ භික්ෂුන් 2ක් අත්අඩංගුවට (PHOTOS)

නිදන් හෑරූ භික්ෂුන් 2ක් අත්අඩංගුවට (PHOTOS)

අම්බලන්තොට මහආරගල්වැව පුරාණ රජමහා විහාරයේ පුරාවිද්‍යා වටිනාකමින් යුත් ස්ථානයකට හානිකර නිදන් හෑරීමට උත්සහ කර ඇති බවට අම්බලන්තොට පොලීසියට ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව එම විහාරයේ සිටි භික්ෂුන් වහන්සේලා 02ක් හා තවත් පුද්ගලයින් 02ක් ඊයේ (24) රාත්‍රීයේ අම්බලන්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මීට අමතරව ගල්විදීමට හා කැපීමට යොදා ගත් උපකරණ ඇතුළු ආයුද කිහිපයක් ද විහාරස්ථානයේ තිබී පොලිස් බාරයට ගෙන ඇත.

එම විහාරස්ථානයේ ගල්තලාව මත වැඩී තිබූ විශාල නුගගසක් ද කපා දමා ඇති බව ද වාර්තා වේ.

අත්අඩංගුවට පත් භික්ෂුන් වහන්සේලා දෙනම එම විහාරස්ථානයේම වැඩසිටි අය වන අතර අනෙක් පුද්ගලයින් දෙදෙනා දික්වැල්ල හා වීරකැටිය යන ප්‍රදේශයන්හි පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු වේ.

එම පුද්ගලයින් දෙදෙනා ද ටික කලක සිට විහාරස්ථානයේ නැවතී සිටි බව ප්‍රදේශවාසීන් පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ප්‍රදේශවාසීන් කියාසිටියේ පුරාවිද්‍යා නටබුන් වලින් පිරි, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙහි ස්මාරකයක් ද පිහිටුවා ඇති මෙම රජමහා විහාරය අවස්ථා කිහිපයකදීම නිදන් හොරුන්ගේ ග්‍රහණයට ලක්වී ඇති නමුත් ඊට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කිසිදු සොයාබැලීමක් හෝ ආරක්ෂාවක් නොලැබෙන බවයි.

අත්අඩංගුවටගත් සැකකරුවන් 04දෙනා අද (25) හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඡායාරූප පහතින්.

හම්බන්තොට - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි


No comments:

Post a Comment

Post Bottom Ad