ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය කළමනාකරණ පීඨයේ ජ්‍යෙෂ්ඨ සිසුන්ගේ පහර කෑමට ලක් වූ පළමු වසර සිසුන් හයදෙනකු ඊයේ (29) දහවල් රෝහල්ගත කර ඇත.
මෙම පහරදීමට හේතුවී ඇත්තේ හෙට (31) කොළඹදී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයකට සහභාගි වීම ප්‍රතික්ෂේප කිරීම බව විශ්වවිද්‍යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
පහර කෑමට ලක්වූ හයදෙනා නේවාසිකාගාර පහසුකම් නොලබන නගර ආශ්රිත සිසුන් බවද එම ආරංචි මාර්ග පැවසී ය.
සිද්ධිය වන අවස්ථාවේ මහා ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරීන් ද එහි සිට ඇති අතර එම ස්ථානයට ගිය ආචාර්යවරුන්ට ද ඔවුන් විරෝධය පළ කර තිබේ.
පසුගිය සතියේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පස්දෙනකු පහර කෑමට ලක් වූයේද හෙට පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයට සහභාගි වීම ප්‍රතික්ෂේප කිරීම නිසා බව වාර්තා වේ.
No comments:
Post a Comment