ඊයේ (29) දහවල් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්ත ජැටිය ආසන්නයේ හටගත් ගින්න සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වරාය අධිකාරිය ප්රකාශ කරයි.
මේ වනවිට ගින්න සම්පූර්ණයෙන්ම නිවා දමා ඇති අතර ගින්න ඇතිවීමට හේතුව තවමත් අනාවරණය වී නොමැත.
ගින්නෙන් කිසිදු පුද්ගලයෙකුට හෝ වරාය දේපලට හානියක් සිදු නොවූ බව වරාය අධිකාරිය ප්රකාශ කරයි.
ගිනි නිවන හමුදාව, වරාය ගිනි නිවන ඒකකය සහ වරායේ තිබූ ටග් යාත්රා යොදා ගනිමින් ගින්න මැඩ පැවැත්වූ අතර ගිනි නිවන රථ 10ක් ඒ සඳහා යොදා ගනු ලැබීය.
වරාය අධිකාරිය ඊයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ වරාය පරිශ්රයේ නැගෙනහිර පර්යන්ත ජැටිය ආසන්නයේ ඇති පෞද්ගලික වැඩබිමක ඉවත දමන ලද විශාල ප්රමාණයේ රබර් හෝස් තොගයක් මෙම ගින්න ඇතිවූ බවයි.
No comments:
Post a Comment