ඊළම යෝද අඩියක් පෙරට.. රටින් පිට ඊළම UN පිලිගනී… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 23, 2016

ඊළම යෝද අඩියක් පෙරට.. රටින් පිට ඊළම UN පිලිගනී…

ශ්‍රී ලංකා රජය තහනම් කළ රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව නමැති නීති විරෝධී සංවිධානය ජිනීවාහි එක්‌සත් ජාතීන්ගේ දේශපාලන කාර්යාලය සහ මානව හිමිකම් කවුන්සිලය විසින් පිළිගෙන ඇත.

ප්‍රභාකරන්ගේ නීති උපදේශක වී. රුද්‍රකුමාරන් මෙහෙයවන මෙම රටින් පිටත ඊළාම් ආණ්‌ඩුවේ එක්‌සත් ජාතීන්ගේ නියෝජිත ලෙස ස්‌විට්‌සර්ලන්තයේ පදිංචි මුරුගයියා සුහින්තන් නමැති කොටි හිතවාදියාට මානව හිමිකම් සමුළුව නියෝජනය කිරීමට අවසර ලැබී තිබේ.

සුහින්තන් සංවිධානය කළ ශ්‍රී ලංකාවට එරෙහි හයිබ්‍රිඩ් අධිකරණයක්‌ ස්‌ථාපිත කිරීමේ රැස්‌වීම ඊයේ (22දා) දහවල් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ අංක 4 ශාලාවේදී පවත්වා ඇත. එම රැස්‌වීමට අන්තර්ජාතික නීතිවේදීන් හයදෙනකු සහභාගි වී ශ්‍රී ලංකාවේ හමුදාවට එල්ලවී ඇති යුද අපරාධ චෝදනා විමර්ශනයට අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර විනිසුරුවරුන්ගෙන් සමන්විත හයිබ්‍රිඩ් අධිකරණයක්‌ ස්‌ථාපිත කළ යුතු බව පවසා ඇත.

රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව නමැති සංවිධානය පිළිගැනීමට පෙර එක්‌සත් ජාතීන්ගේ ජිනීවා දේශපාලන කාර්යාලය සහ මානව හිමිකම් කවුන්සිලය ඒ බව ශ්‍රී ලංකා රජයෙන් විමසා නැත.

– දිවයින

No comments:

Post a Comment

Post Bottom Ad