නව ඡන්ද ක්‍රමය පාර්ලිමේන්තුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 23, 2016

නව ඡන්ද ක්‍රමය පාර්ලිමේන්තුවට

නව ඡන්ද ක්‍රමය පාර්ලිමේන්තුවට
මනාප ඡන්ද ක්‍රමය අහෝසි කෙරෙන නව ඡන්ද ක්‍රමය 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සශෝධනය ලෙස පාර්ලිමේන්තුවට ගෙන ඒමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කොට තිබේ.

පසුගිය 21වන දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේ දී පැවති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇත. නව ඡන්ද ක්‍රමය 20වන සංශෝධනය ලෙස ගෙනවිත් බලය බෙදා හැරීම හා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඉන් පසුව ගෙන ඒමට එහිදී තීරණය වී තිබේ.

රටට පිළිලයක්ව පවතින මනාප ඡන්ද ක්‍රමය අහෝසි කිරීම ජනතාවගේ ප්‍රධාන ඉල්ලීමක් වී ඇති බැවින් ද ඡන්ද ක්‍රමය පළමුව වෙනස්කර බලය බෙදාහැරීම හා විධායකය අහෝසි කිරීම ඊළඟ පියවර ලෙස සිදුකළ හැකි යැයි ද ජනාධිපතිවරයා මෙන්ම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් ද එහිදී ප්‍රකාශ කොට ඇති බව වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad