අද උදේ එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ UNP ස්මාර්ට් කාඩ්පත එළිදැක්වුනා කියල හැමෝම දන්නවනේ. මේ උත්සවයේදී තමයි මේක වෙලා තියෙන්නේ.
උදේ කෑම සදහා අගමැති රනිල් සමග සුදත් චන්ද්‍රසේකර පිටිපස්සේ ගිහින් කෑම බෙදාගන්න පිගාන දීලා තිබ්බ වෙලාවේ අගමැති රනිල් සුදත් ගේ පිගාන ප්‍රතික්ෂේප කරලා තියෙනවා.මේක හැමෝම දැකලත් තියෙනවා.ඒ වෙලාවේ සුදත් හරිම ලජ්ජාවට පත්වෙලා එයාගේ බඩ එයාම අත ගගා එතනින් පැත්තටකට ඇවිත් තියෙනවා.
ඊට පස්සේ අගමැති රනිල් යනකම් කාටවත් මුහුණ නොදී එයා හැංගි හිටිය කියල තමයි අපිට අරන්චිවුනේ. සුදත් කියන්නේ අගමැති රනිල්ගේ ගොඩක්ම ළඟ කෙනෙක්. මෙයාලට කතාවකුත් හැදිලා තිබුනා. මේ වෙද්දී සුදත්ගේ තැන සාගල රත්නායක ඇමතිවරයා අරගෙන නිසා මේක සිතල යුද්දයක් වෙලා තියෙන්නේ.
මේ වෙද්දී සුදත් කොළඹ මල් පාරේ අගමැති කාර්යාලයේ විවේක සුවෙන් ඉන්නවලු. රනිල් සාගල සුසංයෝගයට මලික් සමරවික්‍රමගේ හිතත් මේ වෙද්දී සසල වෙලාලු. කොහොමවුනත් තව නොබෝ දිනකින් මලික් සාගල යුද්දය පටන් ගන්නවලු.
Thursday, June 23, 2016
අගමැති නිසා රතු වුන සුදත්ගේ මුහුණ
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment