ITN සභාපතිකමට සුධර්මන්! චමිලාගෙන් ගැලවෙන්න සිරිසේනගෙන් ඇමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 31, 2016

ITN සභාපතිකමට සුධර්මන්! චමිලාගෙන් ගැලවෙන්න සිරිසේනගෙන් ඇමක්

ජනාධිපතිවරණ ප‍්‍රචාරක සමයේ පොදු අපේක්ෂක මෛත‍්‍රිපාල සිරිසේන මහතා සහ චමිලා නමැති කාන්තාවක අතර සම්බන්ධයක් ඇති බවට ස්වාධින රූපවාහිනිය හරහා කල ප්‍රවෘත්තිය සම්පුර්ණ අසත්‍යක් බවට අධිකරණය හරහා පිලිගැනිමට සුදානම් නම් ස්වාධීන රූපවාහිනී සංස්ථාවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂක සුධර්මන් රදළියගොඩ මහතා එම ආයතනයේ සභාපතිධුරයට පත් ජනාධිපතිවරයා සුදානම් බව සුධර්මන්ට විශේෂ නියෝජිතයෙකු හරහා දැනුම්දි තිබේන බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කලා.

ජනාධිපතිවරණ සමයේ රාජපක්ෂලා විසින් කුළී කාරියක් ලෙස චමිලා යොදවා ගනිමින් බොරු සාක්ෂි ලබාදෙමින් අදාළ පුවත් නිර්මාණය කළ බවට ප්‍රකාශයක් ලබා දිමට කැමති වන්නේ නම් වහාම හී සභාපතිවරයා ලෙස සුධර්මන් රදළියගොඩ පත් කිරිමට තමන් සුදානමින් සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විශේෂ නියෝජිතයා අත දන්වා එවා තිබේ.

ජනාධිපතිවරණ ප‍්‍රචාරක සමයේ පොදු අපේක්ෂක මෛත‍්‍රිපාල සිරිසේන මහතා සහ චමිලා නමැති කාන්තාවක අතර සම්බන්ධයක් ගැන පුවතක් ස්වාධීන රූපවාහිනිය හරහා ප්‍රචාරය වු අතර පසුව අදාළ කාන්තාව වන මුදියන්සේලාගේ චමිලා කුමාරි නැමත්තිය එම සිද්ධිය සත්‍ය බවත් එවකට තමන්ගේ පුතා හ ස්වාමියා ITN හරහා කල ප්‍රකාශයන් සත්‍ය බවත් පිළිගනිමින් අධිකරණයට පෙත්සමක්ද භාර දි තිබේ.

පසුව ඈයගේ සැමියා දරුවා කාගේද යන්න තහවුරු කිරිම සදහා DNA පරික්ෂණයක් කරන ලෙසට ඉල්ලා සිටි අතර අදාළ නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 9 දරණ අධිකරණයේ නඩුව පවත්වාගෙන යන අතර එම අංක 9 දරණ අධිකරණයේ මහේස්ත්‍රාත්වරයා වනුයේ තිළිණ ගමගේ මහතා විම හේතුවෙන් ඔහුද ප්‍රශ්ණ රැසකට මුහුණ දි සිටි.

මේ අතර ඊයේ (30) වැනිදා ජනපතිවරණ සමයේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අපහාසයක් වන පරිදි බාලවයස්කාර දරුවකු යොදා ගනිමින් රූපවාහිනී දැන්වීමක් ප්‍රචාරය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වූ නඩුවේ උදෘත ගොනුව නීතිපතිවරයා අධ්‍යයනය කරන බව රජයේ නීතිඥ වරුණි හෙට්ටිගේ මහත්මිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි එස්.අමරසේකර මෙනවිය හමුවේ සඳහන් කර තිබේ.

ස්වාධීන රූපවාහිනී සංස්ථාවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂක සුදර්මන් රදළියගොඩ ඇතුළු සැකකරුවන් 12 අද අධිකරණයේ පෙනී සිටි අවස්ථාවේ මෙම කරුණු අනාවරණය විය.

No comments:

Post a Comment

Post Bottom Ad