ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර නියෝජනය කරන සරේ කණ්ඩායම හා සමර්සෙට් කණ්ඩායම අතර එංගලන්ත පළමු පෙළ සිවුදින තරගාවලිය යටතේ පැවැති තරගයකින් සමර්සෙට් කණ්ඩායම එක් කඩුල්ලක ජයක් ලැබීය.
මෙම තරගයේදී කුමාර් සංගක්කාරට දක්ෂතා දැක්වීමට නොහැකිවිය. ඔහු පළමු ඉනිමේදී ලකුණු 45ක් රැස්කළ අතර දෙවැනි ඉනිම ලකුණු 3ට සීමාවිය. තරගයේ පළමුව පන්දුවට පහරදුන් සරේ කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 264ක් රැස්කළ අතර එයට පිළිතුරු ලෙස සමර්සෙට් කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 102ක් පමණි.
ලකුණු 162ක වාසියක් සමගින් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ සරේ කණ්ඩායමේ එම ඉනිම ලකුණු 138ට සීමා කිරීමට සමර්සෙට් කණ්ඩායම සමත්වූ අතර ඒ අනුව ඔවුන්ට ලකුණු 301ක ජයග්‍රාහී ඉලක්කයක් හිමිවිය. එම ඉලක්කය කඩුලු 9ක් වැයකර පසුකර යාමට සමර්සෙට් කණ්ඩායම සමත්විය.
Tuesday, May 31, 2016
සංගාගේ පිල පරාදයි
Tags
# ක්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment