පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ පළාත් කිහිපයක පාසල් රැසක් අද(18) සහ හෙට (19) යන දිනයන්හි වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කරයි.
මේ සම්බන්ධව අදහස් දැක්වූ බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් එස්.ජී.විජේබන්දු මහතා සඳහන්කළේ ජල ගැලීම් හේතුවෙන් අවතැන් වූ පුද්ගලයින් පාසල්වල රඳවා තැබීම හා පාසල් පැමිණීමේදී සිසුන්ට වන අපහසුතාව සලකා මෙම තීරණය ගත් බවයි.
ඒ අනුව හෙට දිනයේ ගම්පහ කලාපයට අයත් ගම්පහ කොට්ඨාසයේ සියලුම පාසල්, කැළණිය කලාපයට අයත් සියලුම පාසල්, හෝමාගම කලාපයට අයත් හංවැල්ල කොට්ඨාසයේ සියලුම පාසල් හෙට දින වසා තැබෙයි.
එමෙන්ම පිළියන්දල කලාපයට අයත් මොරටුව කොට්ඨාසයේ සියලුම පාසල්, ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයට අයත් කඩුවෙල හා කොළොන්නාව කොට්ඨාසවලට අයත් සියලුම පාසල් හෙට දිනයේ වසා තැබෙන බව බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
මේ අතර මහනුවර නගරයේ පාසල් කිහිපයක් ද අද සහ හෙට යන දෙදින වසා දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව මහනුවර මහාමායා, පුෂ්පදාන, ඩී.එස්. සේනානායක සහ විද්‍යාර්ථ ප‍්‍රාථමික විද්‍යාලය එලෙස වසා තැබෙන බව වාර්තා වේ.

No comments:
Post a Comment