ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේදී අද(18) පැවැත්වීමට නියමිත යුද ජයග්‍රහණයේ හත් වැනි සංවත්සර සැමරුම් උත්සවයට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ආරාධානා කර නොමැති බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පවසයි.
මේ අතර මහින්ද රාජපක්ෂ හිටපු ජනපති විසින් කුරුණෑගලදී පැවැත්වීමට යන යුද සැමරුමට ත්‍රිවිද හමුදා ප්‍රධානින්ගේ අවසරයකින් තොරව කිසිදු නිලධාරියෙකුට සහභාගි විය නොහැකි බව පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම අවධාරණය කළේය.
කුරුණෑගලදී යුද සැමරුමක් පැවැත්වීමට සූදානම් බවට තමන්ටද තොරතුරු වාර්තා වී ඇති බවත්, හමුදා ප්‍රධානීන්ගේ අවසරයකින් තොරව කිසිදු හමුදා නිලධාරියෙකුට එම අවස්ථාවට සහභාගිවිය නොහැකි බවත් ඒ මහතා පැවසී ය. රජය විසින් නිල වශයෙන් පවත්වන ජාතික රණවිරු දින සැමරුම බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසළදී අද පස්වරු 4.00ට පවත්වන බවද ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේය.

No comments:
Post a Comment