ශ්‍රී ලංකන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා රුපියල් ලක්ෂ 40ක වැටුපක් ලබන බවත් සමාගමේ සේවක ප්‍රමාණය සැලකීමේදී ගුවන්යානයක් වෙනුවෙන් සේවකයින් 333ක් සිටින බවත් ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
ඔහු මේ බව පැවසූවේ ඊයේ (17) පාර්ලිමේන්තුවේදී ශ්‍රීලංකන් සමාගම පිළිබඳ පැවති සභාව කල් තැබීමේ අවස්ථාවේ විවාදයට එක්වෙමිනි.
එහිදී හඳුන්නෙත්ති මහතා මෙසේද පැවසීය,
“ආණ්ඩුව දැන් මේ කරන්න හදන්නේ ශ්‍රීලංකන් සමාගම විකුණන්න පදනම හදන එකයි. සමාගමේ පාඩුව ජනතාවට දීලා වාසිය මුදලාලිට දෙන්න යනවා. හරියට ජනතාවට තණකොල දීලා ජාවාරම්කාරයින්ට කිරි දොවන්න දෙනවා වගේ වැඩක්.
උඩින් යන ගුවන් මගියා මේ පාඩුව විදිය යුතු නැහැ. මේකෙ සල්ලි හොරකම් කරලා උඩගිය අය කැඳවල ඒ අයගෙන් පාඩුව අයකර ගත යුතුයි. ගිය ආණ්ඩුවේ සැලසුම හොරකම කරන එක. මේ ආණ්ඩුවේ සැලසුම විකුණන් කන එක“ හදුන්නෙත්ති මහතා පැවසී ය.

No comments:
Post a Comment