නවකවදය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 08දෙනෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතව සිටි සිසුන් 10 දෙනාගෙන් 08 දෙනෙකු ලබන 31 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහර මහේස්ත්‍රාත්වරයා ඊයේ (17) අධිකරණය නියෝග කළ බව වාර්තා වේ. ඒ අනුව රක්ෂිත බන්ධනාගාරගතව සිටි පළමු වසරේ සිසුවියක සහ සිසුවෙකු ඇප මත මුදාහැරිමට මහර මහේස්ත්‍රාත් මහින්ද ප්‍රභාත් රණසිංහ මහතා නියෝග කර තිබේ.
ඔවුන් දෙදෙනා රුපියල් 2500ක මුදල් ඇප සහ රුපියල් 50,000ක ශරීර ඇප මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත. කැලණිය විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුවියකට නවකවදය ලබාදීමේ සිද්ධියකට අදාළව එම විශ්වවිද්‍යාලයේ පළමු සහ දෙවන වසරවල සිසු සිසුවියන් 10 දෙනෙකු පසුගියදා කිරිබත්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

No comments:
Post a Comment