පෙම්වතා පෙම්වතියගේ ගෙල කපා මරා දාලා (PHOTOS & VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, April 11, 2016

පෙම්වතා පෙම්වතියගේ ගෙල කපා මරා දාලා (PHOTOS & VIDEO)

වදුරඹ, මැදකිඹිය, පිටිහාරව ප්‍රදේශයෙදි 18 හැවිරිදි තරුණියක් ඝාතනයට ලක්ව තිබේ. ඇගේ පෙම්වතා විසින් ඝාතනය සිදුකොට ඇති බවට සැක කරන බවයි වදුරඹ පොලිසිය පවසන්නේ. 

අදාළ තරුණිය පෙරේදා (10) රාත්‍රි 8.30ට පමණ නිවසේ සිට සිය ලොකු තාත්තාගේ නිවසට යමින් සිටියදි නිවස අසල ඇති තේ වත්තකට රැගෙන ගොස් මෙසේ ගෙල කපා ඝාතනය කොට ඇති අතර ඇගේ සිරුර ඊයේ (11) උදෑසන වදුරඹ පොලිසිය විසින් සොයාගෙන ඇත.

මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන් දිලිනි සුභාෂිනි නමැති තරුණිය සැකකාර තරුණයා සමග ප්‍රේම සම්බන්දතාවයක් පවත්වාගෙන ගොස් තිබෙන අතර 20 වන වියේ පසුවන තරුණයෙකු බව වාර්තා වේ. තව ද අදාළ තරුණයාගේ නිවස පිහිටා ඇත්තේ ද මියගිය තරුණියගේ නිවස ඉදිරිපිට වන අතර ඔහු වෘත්තියෙන් පෙදරේරුවෙකි. 

තරුණිය සැකකාර තරුණයා සමග මීට පෙර හොර රහසේ පැන ගොස් දින කීපයකට පසු නැවත පැමිණ තිබේ ඇති අතර ඒ වනවිට මෙම තරුණිය 16 වැනි වියේ පසු වු බාලවයස්කාර දැරියකි. ඒ අනුව බාලවයස්කාර දැරියක් පැහැරගෙනයාම සම්බන්දයෙන් සැකකාර තරුණයාට විරුද්ධව  අධිකරණයේ නඩුවක් ද පවතින බවයි පොලීසිය වැඩිදුරටත් පවසන්නේ. 

සැකකරු ඉන් පසුව ද අදාළ තරුණිය විවාහ කර ගැනීමට බලාපොරොත්තුවෙන් සිට ඇති අතර තරුණියගේ දෙමව්පියන් එයට විරෝධය පලකිරිම නිසා එම විවාහය සිදු වී නොමැති හෙයින් උරණ වු සැකකාර තරුණයා මෙම තරුණියගේ බෙල්ල මිරිකා ඇය ඝාතනය කිරීමට මෙයට පෙර ද උත්සාහ කොට තිබේ.

ඒ සම්බන්දයෙන් ද සැකකරුට එරෙහිව අධිකරණයේ නඩුවක් පවතින බව පොලීසිය සඳහන් කරයි. ඝාතනයට ලක්වූ තරුණියගේ මෘත දේහය අසල හෙල්මටයක් ද තිබෙන අතර පොලිස් නිල සුනඛයෙකු එම හෙල්මටයේ ඉව ඔස්සේ සැකකාර තරුණයාගේ නිවස වෙත ගොස් නැවතී ඇත. නමුත් ඒ වන විටත් සැකකරු නිවසින් පලා ගොස් සිටි අතර මේ වන විට ඔහු ප්‍රදේශයෙන් ද පලාගොස් ඇති බවට පොලීසිය සැක කරයි. සැකකරු අත්අඩංගුවට ගැනිම සදහා පොලිස් කණ්ඩායමක් තුනක් යොදවා ඇත.

 


ලලිත් චාමින්ද - ගාල්ල

No comments:

Post a Comment

Post Bottom Ad




Contact Form

Name

Email *

Message *