අපි කියු දෙයක් වැරදිලා නෑ-කූරේ හිල්ටන් එකට රිංගයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, April 11, 2016

අපි කියු දෙයක් වැරදිලා නෑ-කූරේ හිල්ටන් එකට රිංගයි

හිල්ටන් අධ්‍යක්‍ෂ මණ්‌ඩලය වෙනුවට කූප්‍රකට මාෆියා කරුවෙකු වන ක්‍රිෂාන්ත කුරේ මහතාගේ සභාපතිත්වයෙන් නව අධ්‍යක්‍ෂ මණ්‌ඩලයක්‌ පත් කිරීමට ද අගමැතිවරයා තීරණය කර ඇති බව රනිල්ට හිල්ටන් ගාය හැදේ -අධ්‍යක්‍ෂ මණ්‌ඩලයට තර්ජනය කර එලවලා යනුවෙන් 2015 නොවැම්බර් 15 වැනිදා අප කල අනාවරණය තහවුරු කරමින් මාස 5ක් තිස්සේ නිළ නොලත් ආකාරයට විවිධ පුද්ගලයන්ට ලබාදෙමින් ආතල් ගත් කොලඹ හිල්ටන් හෝටලය හිමි ශ්‍රී ලංකා හොටෙල් ඩිවලපර්ස් සමාගමේ සභාපතිවරයා ලෙස ක්‍රිෂාන්ත කුරේ මහතා  පත්කර තිබේ.

ටෙලිකොම් සමාගමේ වත්මන් සභාපති කුමාරසිංහ සිරිසේන පන්නා දමා ඒ වෙනුවට එම සභාපති තනතුර ක්‍රිෂාන්ත කුරේ අත්පත් කර ගැනිමට සිරිසේනලාට එරෙහිව මඩ ව්‍යාපාරයක් ගෙනගිය අතර අවසානයේ සිරිසේන විසින්  කුරේ ටෙලිකොම් සමාගමේ අධ්‍යක්ෂක ධුරයෙන්ද ඉවත්කරනු ලැබුවා.

නිදහසට කිසිදු කරුණක් නොපවසන ලෙස තර්ජනය කරමින් හිල්ටන් හෝටලයේ අධ්‍යක්‍ෂ මණ්‌ඩලයට වහාම ඉල්ලා අස්‌වන ලෙසට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නියොග කර තිබේ.හිල්ටන් හෝටලයේ අධ්‍යක්‍ෂ මණ්‌ඩලය අරලියගහ මන්දිරයට කැඳවා ඇති අගමැතිවරයා විසින් හේතූන් කියමින් නොසිට වහාම ඉල්ලා අස්‌වන ලෙස තරජනය කල බව රජයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යෙදේන අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

හිල්ටන් හෝටලයේ අධ්‍යක්‍ෂ මණ්‌ඩලයට වහාම ඉල්ලා අස්‌වන ලෙසට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දැනුම්දී තිබේ. එම අධ්‍යක්‍ෂ මණ්‌ඩලය අරලියගහ මන්දිරයට කැඳවා ඇති අගමැතිවරයා විසින් හේතූන් කියමින් නොසිට වහාම ඉල්ලා අස්‌වන ලෙස පවසා ඇත.

මේ අතර හිල්ටන් අධ්‍යක්‍ෂ මණ්‌ඩලය වෙනුවට කූප්‍රකට මාෆියා කරුවෙකු වන ක්‍රිෂාන්ත කුරේ මහතාගේ සභාපතිත්වයෙන් නව අධ්‍යක්‍ෂ මණ්‌ඩලයක්‌ පත් කිරීමට ද අගමැතිවරයා තීරණය කර ඇති අතර එම අධ්‍යක්ෂක මණ්ඩලයට අගමැතිවරයාගේ කොලු ගැටයන් දෙදෙනෙකුද ඇතුලත් කර තිබෙනවා.

මූලාශ්‍රය : Lankanewsweb.today

No comments:

Post a Comment

Post Bottom Ad




Contact Form

Name

Email *

Message *