රාජපක්ෂ වරායයි එයාර්පෝට් එකයි භාරගන්න චීනෙ කැමතී කිව්වා -අගමැති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, April 11, 2016

රාජපක්ෂ වරායයි එයාර්පෝට් එකයි භාරගන්න චීනෙ කැමතී කිව්වා -අගමැති

ණය බරින් පිරී ඇති හම්බන්තොට රාජපක්ෂ වරාය, මත්තල රාජපක්ෂ ගුවන්තොටුපොළ එම ණය සමගම භාර ගැනීමට චීන සමාගම් කැමැත්තෙන් සිටින බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ (10 දා) ප‍්‍රකාශ කළා.

චීන නිල සංචාරය නිමවා මෙරටට පැමිණි අගමැතිවරයා සිය සංචාරයේ ප‍්‍රගතිය දැනුම් දීම සඳහා අරලියගහ මැඳුරේ පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවේදී එසේ කීවේය. හම්බන්තොට වරාය දෙවැනි අදියර යටතේ අවශ්‍ය නම් පිරිපහදුවක් ගෙන ඒමත් මත්තල ගුවන්තොටුපළ සංවර්ධනය කිරීමත් කළ යුතු බව කී අගමැතිවරයා ශ‍්‍රී ලංකාවේ අයට එය කළ නොහැකි බවද චීන සමාගම් මේවා භාර ගැනීමට කැමැති බවද කීවේය.

එම සමාගම් ගුවන් යානා සහ නැව් ගෙන ඒමට කැමැත්ත ප‍්‍රකාශ කර තිබෙන බව කී අගමැතිවරයා චීන සමාගම් වෙනුවෙන් එම ප‍්‍රදේශයේ අක්කර දහසක් වෙන් කළ බවද චීන කර්මාන්ත කලාපයක් බවට එම ප‍්‍රදේශය පත් කරන බවද පැවැසුවේය.

ණය බර ඉතා අධික බව කී අගමැතිවරයා මෙම ණය ගෙවනවා නම් දරුවන්ගේ දරුවන්ටද ජීවිත කාලයම ඒ සඳහා ගත වනු ඇතැයි ප‍්‍රකාශ කළේය. ණය සමග මෙම ඇතැම් ආයතන භාර ගැනීමට චීන සමාගම් කැමැති බැවින් ඒ පිළිබඳ සාකච්ඡුා පැවැත්වීමට තීරණය කර ඇතැයිද අගමැතිවරයා ප‍්‍රකාශ කළේය.

අජිත් අලහකෝන්

No comments:

Post a Comment

Post Bottom Ad