ඉතිහාසයේ වැඩිම විදුලි ඉල්ලුම ඉකුත් 25 වැනි දා සටහන් වී ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරයි.
එදින මෙගාවොට් 2452.9කට ආසන්න විදුලි ඉල්ලුමක් පැවති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. පවතින අධික උෂ්ණත්වය මෙම තත්ත්වයට හේතු වී ඇති බවත් 25 වන සඳුදා දින රාත්‍රියේ විදුලිපංකා සහ වායුසමීකරණ වැඩි වශයෙන් භාවිත කර ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
මෙම මස 05 වැනිදා ද මෙගාවොට් 2393.4ක විදුලි ඉල්ලුමක් වාර්තා වී ඇති අතර එය දෙවන වරට වාර්තාගත වැඩිම විදුලි ඉල්ලුම බව අමාත්‍යවරයා සඳහන් කරයි. 2015 වසරට සාපේක්ෂ ව 2016 වසරේ ගත වූ මාස කිහිපයේ උෂ්ණත්වයේ වැඩිවීමක් මෙන්ම වර්ෂාපතනයේ අඩුවීමක් පෙන්නුම් කරන බව රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයා සඳහන් කළේ ය.
විදුලිය නිෂ්පාදනය සඳහා වර්ෂාපතනය සෘජුව ම බලපාන අතර 2016 වසරේ පළමු මාස තුන තුළ දී වර්ෂාපතනය 65%කින් අඩුවීම හේතුවෙන් රටේ ජනතාවට අඛණ්ඩ ව විදුලිය ලබාදීමේ දැවැන්ත අභියෝගයකට මුහුණදීමට සිදු ව ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටී.
Thursday, April 28, 2016
ඉතිහාසයේ වැඩිම විදුලි ඉල්ලුම වාර්තා වෙයි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment