උඩුවේ හිමිගේ අලි ප්‍රශ්නය නීතිපතිට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 28, 2016

උඩුවේ හිමිගේ අලි ප්‍රශ්නය නීතිපතිට

උඩුවේ ධම්මාලෝක හිමියන් අනවසරයෙන් අලි පැටවෙකු පොල්හේන්ගොඩ ඇලන් මැතිණියාරාමයේ ඇති දැඩි කළ බව කියන සිද්ධියේ පරීක්ෂණ අවසන් කර අදාළ වාර්ථාව උපදෙස් පතා නීතිපතිට යැවූ බව රහස් පොලීසය විසින් අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතාට දැනුම්දුන් බව වාර්තා වේ.

නීතිපති උපදෙස් ලැබුණු පසු මීලඟ පියවර ගැනීමට නියමිත අතර ඒ සම්බන්ධ වැඩිදුර විභාගය පසුවට කල් තබා ඇත.

උඩුවේ ධම්මාලෝක හිමියන් මේ සම්බන්ධ අදහස් දක්වමින් ප්‍රකාශකර තිබුණේ එම අලි පැටවා කිසිවෙකු විසින් පන්සල් වත්තට දමා ගොස් සිටියදී තමන් විසින් කරනු ලැබුවේ එම අලි පැටවාට කවා පොවා ආදරයෙන් රැකබලා ගැනීම පමණක් බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad