රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා තායිලන්තයට පැමිණ සිටි බවක් තමන්ද දැනගත් බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද(27) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීයෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
යුක්රේනයේ ත්‍රස්තවාදී සංවිධානයකට අවි ලබාදීමේ ජාවාරමකට චෝදනා ලැබ සිටින උදයංග වීරතුංග නැමැත්තා තායිලන්තයට පැමිණ ඇති බවත්, ඔහු සම්බන්ධයෙන් නීතිමය පියවරක් නොගන්නේදැයි ඇසූ ප්‍රශ්නයකට අමාත්‍යවරයා කියා සිටියේ FCIDය පවා යුක්රේනයට ගොස් ඒ ගැන පරීක්ෂණ ආරම්භ කළ බවයි.
ඔහු ෆේස්බුක් අඩවියේද ක්‍රියාකාරිව සිටින බවත්, විදෙස් සංචාරවල යෙදෙන්නේ පෞද්ගලික ගුවන් ගුමන් බලපත්‍රයෙන් බවත්, ඔහු ගැන සිදුකරන විමර්ශන නතර කර නැතැයි ද අමාත්‍යවරයා කියා සිටියේය. උදයංග වීරතුංග මහතා කඩිනමින් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය බවද එහිදී විදේශ කටයුතු අමාත්‍යංශයට ද වගකීමක් පැවරෙන බවද රාජිත සේනාරත්න මහතා වැඩි දුරටත් පැවසී ය.
කෙසේ වෙතත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා තායිලන්තයේදී රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාව හමුව තිබුණේ හිටපු ජනපතිවරයාගේ තායිලන්ත සංචාරය අතරතුරදීය. මෙම හමුවේදී හිටපු විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාද එක්ව ඇතැයි වාර්තා වේ.
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා යුක්රේන කැරළිකරුවන් සමග අවි ගනුදෙනු කළ බවට චෝදනා එල්ල වූ අතර පසුව එවැනි පැමිණිල්ලක් ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය මීට පෙර අනාවරණ කළේ ය. විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, යුක්රේන රජයෙන් මෙම පැමිණිල්ල ලැබී ඇති බව ය.
කෙසේ වෙතත් තමාට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා නිවේදනයක් නිකුත් කර තිබිණි. විද්‍යුත් තැපෑල මාර්ගයෙන් නිකුත් කර ඇති අදාළ නිවේදනයෙන් ඔහු පෙන්වා දී තිබුනේ යුක්ක්‍රේන කැරළිකරුවන්ට ආයුධ සැපයීම සහ රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කළ පුද්ගලයෙකුගේ මරණය සම්බන්ධයෙන් තමාට එල්ලවී ඇති චෝදනා සාවද්‍ය බවයි.
Thursday, April 28, 2016
මහින්ද හමුවූ උදයංගට වැඩ වරදී?: FCIDය යුක්රේනයට
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment