බස්නාහිර පලාතෙන් පිටව යන්න පුළුවන් මේ අයට පමණයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 12, 2020

බස්නාහිර පලාතෙන් පිටව යන්න පුළුවන් මේ අයට පමණයි

බස්නාහිර පලාතෙන් පිටව යන්න පුළුවන් මේ අයට පමණයි

බස්නාහිර පලාතෙන් පුද්ගලයින් පිටව යාම තහනම් කිරීමත් සමග අධිවේගී මාර්ගය ඇතුළු සියලු පළාත් සිමාවන් දැඩිව නිරීක්ෂණය කිරිමට පොලිස් කණ්ඩායම් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජීත් රෝහණ මහතා පවසයි.

බස්නාහිර පලාත තුල අත්‍යාවශ්‍ය කටයුත්තක් සිදුකර ගැනීමට පැමිණෙන කවුරුන් හෝ පුද්ගලයෙකු ඒ සඳහා පැමිණෙන්නේ නම් ලබන ඉරිදා මධ්‍යම රාත්‍රිය දක්වා එම පලාතේ රැඳී සිටීමට අවශ්‍ය පසුබිම සකසා ගෙන පැමිණීම සිදුකළ යුතු බවත් එසේත් නොමැතිනම් ලබන සඳුදා පැමිණීම ඉතා යෝග්‍ය බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

එමෙන්ම අද උදෑසන සිට බස්නාහිර පලාතෙන් පිට ප්‍රදේශවල පිහිටි හෝටල්, ලැඟුම්හල් හෝ නිවාඩු නිකේතන සඳහා බස්නාහිර පලාතේ සිට පුද්ගලයින් පැමිණෙන්නේ ද යන්න ගැන විමසිලිමත්වන ලෙස අදාළ පාලනාධිකාරියට දැනුම් දී ඇති බවත් එසේ කවුරුන් හෝ පැමිණියොත් අදාළ ප්‍රදේශයේ පොලිසිය දැනුවත් කළ යුතු බව නියෝජ්‍ය පොලිස්පතිවරයා තහවුරටත් සඳහන් කළේය.

එමෙන්ම බස්නාහිර පලාතේ සිට හිතවතෙකුගේ හෝ ඥාතියෙකු ගේ නිවසට එලෙස පැමිණෙන පුද්ගලයින් සම්බන්ධයෙන් ද කරුණු අදාල ප්‍රදේශයේ පොලිස් ස්ථාන වෙත දැනුම් දිය යුතු බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියහ.

මිට පෙර ඇඳිරි නීතිය පනවා ඇති මොහොතේ චක්‍ර ලේඛයක් මගින් අවසර ලබාදී තිබු රාජ්‍ය, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු ආයතන 112 ක සේවකයින්ට සිය හැඳුනුම්පත උපයෝගී කරගනිමින් මෙම දින 04 තුලදී පලාත් සීමාවෙන් පිටව යෑමට අවසර හිමිනොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

පවතින තත්ත්වය අනුව පළාත් සීමාවෙන් පිටතට යාමට අවසර හිමිවන්නේ ආහාර / ඖෂධ ප්‍රවාහන, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයන්, ජල/ විදුලිය/ බලශක්ති සහ ඉන්ධන යන කේෂ්ත්‍ර වල සේවයේ නියුතු අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

  • කොරෝනා

No comments:

Post a Comment

Post Bottom Ad